Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 18:12 - සිංහල කාලීන පරිවර්තනය

12 එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එහෙත් ගලියෝ අකායේ අධිපතියාව සිටියදී යුදෙව්වරු එක්සිත්ව පාවුල්ට විරුද්ධව නැගිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 18:12
27 හුවමාරු යොමු  

අකාය වෙත යෑමට අපොල්ලොස්ට ඕනෑ වූ කල සහෝදරයෝ ඔහු දිරිමත් කොට, සාදරයෙන් ඔහු පිළිගන්නා ලෙස එහි ගෝලයින්ට ලියා යැවූහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදහා සිටියවුනට අපොල්ලොස්ගේ පැමිණීම මහත් පිළිසරණක් විය.


එහෙත් යුදෙව්වෝ දේව බය ඇති කුල ස්ත්‍රීන් ද එපුර ප්‍රධාන මිනිසුන් ද උසිගන්වා පාවුල් හා බාර්ණබස්ට එරෙහි හිංසනයකට ඔවුන් පොලඹවා, ඔවුන්ගේ පළාතෙන් ඔවුන් පන්නා දැමූහ.


ඔහු පළාත් ආණ්ඩුකාර සර්ගියස් පවුලස් සමඟ වූ කෙනෙකි. බුද්ධිමතකු වූ එම පළාත් ආණ්ඩුකරු දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ රිසියෙන් බාර්ණබස් හා සාවුල් තමන් වෙත කැඳවී ය.


ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යය මා තුළ ඇති බැවින්, මගේ මෙම පාරට්ටුව මුළු අකාය පළාත්හිදී නිහඬ කෙරෙනු නැත.


මන්ද අකාය වාසීන් පසුගිය වසරේ සිටම සූදානමින් සිටින බැව් පවසමින්, මකිදෝනියෙහි ජනයාට ඔබ ගැන මා කළ පාරට්ටුව ලෙස, ඔබගේ ලැදි සූදානම ගැන මම දනිමි. ඔවුන් වැඩි දෙනකු පොලඹවනු ලැබුවේ ඔබගේ එම උද්යෝගයයි.


දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව හා අකාය පුරා සිටින සියලු ශුද්ධවන්තයින් වෙතයි.


අකායයෙන් මුලින්ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක්ම ඔබෙන් ඉල්ලන්නේ,


යෙරුසලම්හි සිටින ශුද්ධවතුන් අතර දිළිඳු අයට සම්මාදමක් දීමට මකිදෝනිය සහ අකාය සභා මනාප වූහ.


පාවුල් පිළිතුරු දෙමින්, “මා සිටින්නේ සීසර්ගේ අධිකරණය ඉදිරියේයි. මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීයි. ඔබ හොඳින්ම දන්නා පරිදි යුදෙව්වන්ට මා කිසි වරදක් කර නැත.


පාවුල් බෙරියාහි දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරන වග ඇසූ තෙසලෝනිකයේ යුදෙව්වෝ එහි ද ගොස් සමූහයා කලඹා කලබල ඇති කරන්නට වන්හ.


එකල අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණි යුදෙව්වන් ඇතැම් දෙනෙක් ජනයා තම පැත්තට නම්මාගෙන, පාවුල්ට ගල් ගැසූහ. පසුව, ඔහු මළේයැයි සිතූ ඔවුහු, නගරයෙන් පිටතට ඔහු ඇද දැමූහ.


එහෙත් අදහා ගැනීම ප්‍රතික්ෂේප කළ සෙසු යුදෙව්වෝ, විජාතිකයින් කලඹා, සහෝදරවරුනට එරෙහිව ඔවුන්ගේ සිත් දූෂ්‍ය කළහ.


පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.


එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන්ම නො වේ ද?


ඔවුන්ගේ නිවසේ රැස්වන සභාවටත් ආචාර කරන්න. ආසියාවෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු ප්‍රථමයා වන මා ප්‍රේමණීය එපිනතස්ට ආචාර කරන්න;


එහෙත් යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් යුතුව, මඟ තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ.


සිදු වූ දේ දුටු පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ල වැලඳ ගත්තේ ය. මන්ද ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔහු විස්මපත් විය.


ඒ වචන ඇසූ පිලාත්, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, (හෙබ්‍රෙව් බසින් ගබ්බතා නම් වූ) ගල් වේදිකාව නම් ස්ථානයේ වූ විනිශ්චය ආසනයේ හිඳ ගත්තේ ය.


එහෙත් මායාකාර එලීමස්, (ඔහුගේ නමේ අරුත එය ය) ඔවුන්ට විරෝධය පාමින්, පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ලෙන් වැළැක්වීමට වෙර දැරී ය.


එබැවින් පාවුල් ඔවුන්ට වචනය උගන්වමින්, එක් අවුරුදු හය මසක් එහි නැවතී සිටියේ ය.


මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.


නිතර ගමනේ යෙදීමේදී ගංගා අනතුරු, මංකොල්ල අනතුරු, මගේම රට වැසියන්ගෙන් වූ අනතුරු හා අන් ජාතීන්ගෙන් වූ අනතුරු, නගරයේ අනතුරු, පාළුකරයේ අනතුරු, මුහුදු අනතුරු හා බොරු සහෝදරයින්ගෙන් වූ අනතුරුවලට මුහුණ පෑවෙමි.


සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත්ව ඇත්තේ එහි සභා, යුදෙව්වන්ගෙන් විඳි හිරිහැරම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.


අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්