Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 6:12 - Sinhala New Revised Version

12 තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 මෙසේ ඔවුහු ජනතාව ද වැඩිහිටියන් ද දහම් පඬිවරුන් ද උසිගැන්වූයෙන්, ඔවුහු ස්තේපන් අල්ලා මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 තවද ඔව්හු සෙනඟද වැඩිමහල්ලන්ද ලියන්නන්ද කලඹා, ඔහුට විරුද්ධව ඇවිත් ඔහු අල්ලා මන්ත්‍රණ සභාවට ගෙනැවිත්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 6:12
15 හුවමාරු යොමු  

වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.


එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය.


ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ.


ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන,


එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය.


එහෙත් ජුදෙව්වරු සැදැහැවත් කුල ස්ත්‍රීන් ද නුවර ප්‍රභූන් ද පොළඹවා, පාවුලු සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාකාරී තත්ත්වයක් ඇති කර, තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපාදැමූ හ.


ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා,


ප්‍රේරිතයන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ.


එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.


එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්,


එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ,


එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්