ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමතිව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය.
ක්‍රියා 5:33 - සිංහල කාලීන පරිවර්තනය ඒ ඇසූ ඔවුහු කෝපයෙන් වියරුව, ඔවුන් මරා දැමීමට අදහස් කළහ. Sinhala New Revised Version ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ. Sinhala New Revised Version 2018 ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ. Sinhala Revised Old Version ඔව්හු ඒ අසා, අතිශයෙන් කෝපවී, ඔවුන් මරන්ට අදහස්කළෝය. |
ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමතිව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය.
“සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙනු ඇත; දරුවන් තම දෙමවුපියනට එරෙහිව නැගිට, ඔවුන් මරණයට පත් කරනු ඇත.
තම ගුරුවරයා හා සමාන වීම ගෝලයාටත්, තම ස්වාමියා හා සමාන වීම සේවකයාටත් සෑහෙයි. ගෘහ මූලිකයා බෙල්සෙබුල් යයි කියන ලද්දේ නම්, ඔහුගේ ගෘහ වාසීහු ඊට කොපමණ වැඩියෙන් අපහාස නො ලබත් ද?
“එකල ඔබට විපත් පීඩා පමුණුවන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත.
එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් දහම් පඬිවරු හා නායක පූජකවරු ඒ අවස්ථාවේම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ඔවුහු ජනතාවට බය වූහ.
‘දාසයා තම ස්වාමියාට වඩා උතුම් නැතැ’ යි මා කී වචනය සිහි කරන්න. ඔවුහු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරනු ඇත. ඔවුහු මගේ වචන පිළිපැද්දෝ නම්, ඔබගේ වචනත් පිළිපදිනු ඇත.
ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.
ඔවුන් මෙය ඇසූ කල ඔවුන්ගේ සිතට එය කා-වැදී ගියෙන්, පේතෘස් හා අනෙක් අපෝස්තුලුවරුන් ඇමතූ ඔවුහු, “සහෝදරවරුනි, කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ.
පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ.