Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 1:19 - සිංහල කාලීන පරිවර්තනය

19 ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමතිව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 1:19
15 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩසිටි සේක.


යොහන් දැහැමි, ශුද්ධ මනුෂ්‍යයකු බව දැන, හෙරෝද් ඔහුට බයව, ඔහු ආරක්ෂා කළ නිසා ය. යොහන්ට සවන් දීමේදී හෙරෝද් මහත් සේ ව්‍යාකූල වූ නමුත්, ප්‍රීතියෙන් ඔහුට සවන් දුන්නේ ය.


ඔවුහු පිළිතුරු දෙමින්, “දික්කසාද සහතිකයක් ලියා දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් මිනිසකුට ඉඩ දී ඇතැ” යි කීහ.


ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ.


දවස උදා වූ පසු, ඒ ගොඩබිම හඳුනා ගැනීමට ඔවුන්ට බැරි විය. එහෙත් වෙරළක් සහිත මුහුදු බොක්කක් දුටු ඔවුහු හැකි වේ නම් නැව එහි ගෙන යෑමට තීරණය කළහ.


මේ ගැන මට සහතික බැවින්, අනුග්‍රහයේ දෙවන අත්දැකීමක් ඔබට ලැබෙන පිණිස, පළමු කොට ඔබ වෙත එන්නට සැලසුම් කළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්