ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 23:14 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, ඔවුනට කරුණු සැල කරමින්, “පාවුල් මරා දමන තුරු කිසිවක් කන්නේවත්, බොන්නේවත් නැතිව, උපවාස කිරීමට අපි දැඩි ගිවිසුමකට බැඳුණා;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද ළඟට ගොස්, “පාවුලු මරනතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද ළඟට ගොස්, “පාවුලු මරනතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස්: පාවුල් මරන තුරු අපි කිසි කෑමක රස නොබලන්ට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමුව.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 23:14
10 හුවමාරු යොමු  

යුදෙව්වෝ පසු දින උදෑසන එක්ව කුමන්ත්‍රණ කරමින්, පාවුල් මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ස්වයං දිවුරුමකින් බැඳුණහ.


මෙසේ කුමන්ත්‍රණ කළෝ හතළිස් දෙනකුටත් වැඩි ය.


ඔහු පිළිතුරු දෙමින්, “පාවුල් ගැන තොරතුරු වඩා නිවැරදිව විභාග කරන බවක් අඟවා, හෙට උදෑසන ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනෙන ලෙස, ඔබෙන් ඉල්ලන්නට යුදෙව්වන් එකඟතාවක් ඇති කර ගත්තා.


ඒකට ඉඩ දෙන්න එපා. මන්ද හතළිස් දෙනකුට වැඩි යුදෙව් පිරිසක් මඟදී ඔහුට පහර දීමට සැඟවී රැක ඉන්නවා; ඔහු මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ඔවුන් දිවුරා තියෙනවා; ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමාගේ අනුමැතිය ලැබෙන තුරු ඔවුහු දැන් සියල්ල සූදානමින් බලා ඉන්නවා” යි කීවේ ය.