Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:15 - සිංහල කාලීන පරිවර්තනය

15 එබැවින් පාවුල් ගැන වඩා නිවැරදි විභාගයක් පවත්වන්නට ඕනෑ වග අඟවා, මන්ත්‍රණ සභාව වෙත යළි ඔහු ගෙන එන ලෙස ඉල්ලා, මන්ත්‍රණ සභිකයිනුත්, ඔබත් සෙන්පති වෙත ආයාචනයක් කරන්න. ඔහු මෙතැනට එන්නට පළමු අපි ඔහු මරා දමන්නට සූදානම්” යැයි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එබැවින්, නුඹලා ඔහුගේ කාරණා ගැන වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ, හෙට නුඹලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමඟ අධිපතියාට දන්වා අරින්න. ඔහු මෙහාට ළංවෙන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:15
14 හුවමාරු යොමු  

යුදෙව්වන් පාවුල්ට චෝදනා කළේ කවර හෙයින්දැයි නිසැකව ම දැනගන්නට පසු දා සෙන්පතිට වුවමනා වූයෙන්, පාවුල්ගේ බැඳුම් මුදා හළ හෙතෙම, නායක පූජකයින් හා මන්ත්‍රණ සභික සියල්ලන් රැස් කරවා, පාවුල් කැඳවා ඔවුන් ඉදිරියේ ඔහුට සිටගන්නට සැලැස්වී ය.


තමන්ට කරන උපකාරයක් වශයෙන් පාවුල් යෙරුසලමට මාරු කර එවන ලෙස ඔවුහු පෙස්තුස්ගෙන් උදක්ම ඉල්ලූහ. එසේ කළේ, එහි ගෙන එන අතරේ රැක සිට ඔහු මරා දැමීමට ඔවුන් උපා යෙදූ බැවිනි.


එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ.


මන්ත්‍රණ සභාව වෙත තියුණු බැල්මක් හෙළූ පාවුල්, “සහෝදරවරුනි, මේ අද දවස දක්වා දෙවියන්වහන්සේට මුළුමනින්ම නිදොස් හෘද සාක්ෂියකින් මම දිවි ගෙව්වෙමි” යි පැවසී ය.


මන්ත්‍රණ සභාවේ කොටසක් සද්දුසිවරුනුත්, අනෙක් කොටස පරිසිවරුනුත් බව දුටු පාවුල්, “සහෝදරවරුනි, මම පරිසියෙක්මි; පරිසිවරයකුගේම පුත්‍රයෙක්මි. ඔබ ඉදිරියේ මා මෙසේ විනිශ්චයට ලක්ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ මගේ බලාපොරොත්තුව නිසා” යි උස් හඬින් පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්