Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:14 - Sinhala Revised Old Version

14 ඔව්හු නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස්: පාවුල් මරන තුරු අපි කිසි කෑමක රස නොබලන්ට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔව්හු නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද ළඟට ගොස්, “පාවුලු මරනතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 ඔවුහු නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, ඔවුනට කරුණු සැල කරමින්, “පාවුල් මරා දමන තුරු කිසිවක් කන්නේවත්, බොන්නේවත් නැතිව, උපවාස කිරීමට අපි දැඩි ගිවිසුමකට බැඳුණා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔව්හු නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද ළඟට ගොස්, “පාවුලු මරනතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:14
10 හුවමාරු යොමු  

පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.


එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.


ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.


ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජාවූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත. මා විසින් ඔවුන්ට දඬුවම්කරන කාලයෙහි ඔව්හු පැකිල වැටෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ කුමන්ත්‍රණය කළාවූ අය සතළිස් දෙනෙකුට වැඩිව සිටියෝය.


ඔහු කථාකොට: පාවුල් ගැන ඔබ වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස යුදෙව්වරු ඔබගෙන් ඉල්ලන්ට නියමකරගත්තෝය.


නුමුත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මක්නිසාද ඔවුන්ගෙන් හතළිහකට වැඩි දෙනෙක් ඔහු මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවිරිල්ලකින් තමුන්ම බැඳගෙන රැකසිටිති. දැන් ඔව්හු සූදානම්ව ඔබගේ පොරොන්දුව බලාසිටිතියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්