Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 23:20 - සිංහල කාලීන පරිවර්තනය

20 ඔහු පිළිතුරු දෙමින්, “පාවුල් ගැන තොරතුරු වඩා නිවැරදිව විභාග කරන බවක් අඟවා, හෙට උදෑසන ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනෙන ලෙස, ඔබෙන් ඉල්ලන්නට යුදෙව්වන් එකඟතාවක් ඇති කර ගත්තා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔහු කතා කොට, “පාවුලු ගැන මන්ත්‍රණ සභාව වැඩිදුරටත් වගවිභාග කරන්නට යන්නාක් මෙන්, ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස ජුදෙව්වරු ඔබගෙන් ඉල්ලීමට නියම කරගෙන සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔහු කතා කොට, “පාවුලු ගැන මන්ත්‍රණ සභාව වැඩිදුරටත් වගවිභාග කරන්නට යන්නාක් මෙන්, ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස ජුදෙව්වරු ඔබගෙන් ඉල්ලීමට නියම කරගෙන සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඔහු කථාකොට: පාවුල් ගැන ඔබ වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස යුදෙව්වරු ඔබගෙන් ඉල්ලන්ට නියමකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:20
8 හුවමාරු යොමු  

යුදෙව්වන් පාවුල්ට චෝදනා කළේ කවර හෙයින්දැයි නිසැකව ම දැනගන්නට පසු දා සෙන්පතිට වුවමනා වූයෙන්, පාවුල්ගේ බැඳුම් මුදා හළ හෙතෙම, නායක පූජකයින් හා මන්ත්‍රණ සභික සියල්ලන් රැස් කරවා, පාවුල් කැඳවා ඔවුන් ඉදිරියේ ඔහුට සිටගන්නට සැලැස්වී ය.


මන්ත්‍රණ සභාව වෙත තියුණු බැල්මක් හෙළූ පාවුල්, “සහෝදරවරුනි, මේ අද දවස දක්වා දෙවියන්වහන්සේට මුළුමනින්ම නිදොස් හෘද සාක්ෂියකින් මම දිවි ගෙව්වෙමි” යි පැවසී ය.


සෙන්පති තැන තරුණයා අතින් ගෙන පසෙකට කැඳවා, “මොනවද මට කියන්නට ඔබට තියෙන්නේ?” යි ඇසී ය.


පසුව මේ මිනිසාට විරුද්ධව කුමන්ත්‍රණයක් ඇති වග දැනගන්නට ලැබුණු විගස මා වහා ඔබ වෙත ඔහු එවන්නට සැලසුවෙමි. තවද ඔහුට එරෙහිව ඇති චෝදනා ඔබට ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවනට ද මම නියෝග කළෙමියි ඔහු ලියුවේ ය.


මන්ත්‍රණ සභාවේ කොටසක් සද්දුසිවරුනුත්, අනෙක් කොටස පරිසිවරුනුත් බව දුටු පාවුල්, “සහෝදරවරුනි, මම පරිසියෙක්මි; පරිසිවරයකුගේම පුත්‍රයෙක්මි. ඔබ ඉදිරියේ මා මෙසේ විනිශ්චයට ලක්ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ මගේ බලාපොරොත්තුව නිසා” යි උස් හඬින් පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්