උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.
ක්‍රියා 20:3 - සිංහල කාලීන පරිවර්තනය එහි තුන් මසක් ගත කළේ ය. පසුව ඔහු සිරියා බලා නැව් නඟින්නට සූදානම් වෙද්දී, යුදෙව්වන් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෙන්, මකිදෝනිය හරහා ආපසු යෑමට ඔහු තීරණ කළේ ය. Sinhala New Revised Version ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය. Sinhala New Revised Version 2018 ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය. Sinhala Revised Old Version එහි ඔහු තුන් මාසයක් ගතකොට, නැවෙන් සිරියාවට යන්ට සූදානම්ව සිටියදී, ඔහුට විරුද්ධව යුදෙව්වරුන් උපායක් යෙදූ කල, මකිදෝනිය මැදින් හැරී යන්ට නියමකරගත්තේය. |
උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.
එතැනින් රෝම ජනපදයක් ද මකිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නුවරක් වූ පිලිප්පිය වෙත සේන්දු වී, ටික දවසක් එහි ගත කළෙමු.
රාත්‍රියේ පාවුල් දර්ශනයක් දිටී ය. මකිදෝනියෙහි වැසියකු සිටගෙන, “මකිදෝනිය වෙත අවුත් අපට උපකාර කරන්නැ” යි උදක්ම ඉල්ලනු ඔහුට පෙනිණි.
පාවුල් මද කලක් කොරින්තියෙහි ගත කර, සහෝදරයින්ගෙන් සමුගෙන, ප්‍රිස්කිලා හා අකිලා ද සමඟ සිරියා බලා නැව් නැංගේ ය. ඔහු තමා වූ බාරයක් ඔප්පු කරමින්, කෙන්ක්‍රයාහි දී තම හිස මුඩු කරවා ගත්තේ ය.
මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.
කලබලය සංසිඳුණු පසු, ගෝලයින් කැඳවූ පාවුල්, ඔවුන් ධෛර්යවත් කර, ඔවුන්ගෙන් සමුගෙන මකිදෝනිය බලා පිටත් විය.
යුදෙව්වන්ගේ කුමන්ත්‍රණවලින් දැඩි සේ මා පරීක්ෂා කළ ද, සියලු ආකාර යටහත්කමින් හා කඳුළින් යුතුවයි මා ස්වාමින්වහන්සේට සේවය කළේ.
සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩබෑමට නියමිතව තිබිණි.
තමන්ට කරන උපකාරයක් වශයෙන් පාවුල් යෙරුසලමට මාරු කර එවන ලෙස ඔවුහු පෙස්තුස්ගෙන් උදක්ම ඉල්ලූහ. එසේ කළේ, එහි ගෙන එන අතරේ රැක සිට ඔහු මරා දැමීමට ඔවුන් උපා යෙදූ බැවිනි.
මේ ගැන මට සහතික බැවින්, අනුග්‍රහයේ දෙවන අත්දැකීමක් ඔබට ලැබෙන පිණිස, පළමු කොට ඔබ වෙත එන්නට සැලසුම් කළෙමි.
නිතර ගමනේ යෙදීමේදී ගංගා අනතුරු, මංකොල්ල අනතුරු, මගේම රට වැසියන්ගෙන් වූ අනතුරු හා අන් ජාතීන්ගෙන් වූ අනතුරු, නගරයේ අනතුරු, පාළුකරයේ අනතුරු, මුහුදු අනතුරු හා බොරු සහෝදරයින්ගෙන් වූ අනතුරුවලට මුහුණ පෑවෙමි.
අප මකිදෝනිය වෙත පැමිණි විට පවා අප ශරීරයට කිසි විවේකයක් නො විණි. එසේ වුව ද, පිටතින් වූ ගැටුම් ද ඇතුළතින් වූ බිය ද නිසා හැම පැත්තෙන්ම අප පීඩා කරනු ලැබිණ.