Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:3 - Sinhala Revised Old Version

3 එහි ඔහු තුන් මාසයක් ගතකොට, නැවෙන් සිරියාවට යන්ට සූදානම්ව සිටියදී, ඔහුට විරුද්ධව යුදෙව්වරුන් උපායක් යෙදූ කල, මකිදෝනිය මැදින් හැරී යන්ට නියමකරගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 එහි තුන් මසක් ගත කළේ ය. පසුව ඔහු සිරියා බලා නැව් නඟින්නට සූදානම් වෙද්දී, යුදෙව්වන් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෙන්, මකිදෝනිය හරහා ආපසු යෑමට ඔහු තීරණ කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:3
19 හුවමාරු යොමු  

මම සිතේ සියලු ආකාර යටත්කමින්ද කඳුළුවලින්ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින්ද යුක්තව, ස්වාමීන්වහන්සේට සේවයකෙළෙමි.


තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රවවලටද;


ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.


මක්නිසාද අප මකිදෝනියට ආ කල පවා අපේ මාංසයට කිසි පහසුවක් නැතුව හැම අතින්ම දුක්වින්දෙමුව; පිටතින් විරුද්ධකම්ද ඇතුළතින් භයද විය.


පසුව සිරිය, කිලිකිය යන පළාත්වලට ආවෙමි.


මේ විශ්වාසයෙන් නුඹලාට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් නුඹලා ළඟට ඇවිත්,


අපට කුප්‍රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.


මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.


මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.


පාවුල්ට රාත්‍රියෙහි දර්ශනයක් පෙනුණේය; එනම්: මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්නැයි කියමින් මකිදෝනියේ මනුෂ්‍යයෙක් නැගිට සිට ඔහුගෙන් අයැද සිටියේය.


මක්නිසාද මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. බලා සිටින පක්ෂි වැද්දන් නැමෙන්නාක් මෙන් ඔව්හු රැක සිටිති; ඔව්හු මලපතක් තබා මනුෂ්‍යයන් අසුකරගනිති.


ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු;


ඉක්බිති අපි පළමුවෙනි මාසයේ දොළොස්වෙනිදා යෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත්වුණෙමු. අපේ දෙවියන්වහන්සේගේ හස්තය අප කෙරෙහි විය, උන්වහන්සේ සතුරන්ගේ අතිනුත් මග රැක සිටි අයගෙනුත් අප ගැළෙවූසේක.


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


එයින් මකිදෝනියේ නුවරක්වූ, ඒ දිශාවේ ප්‍රධාන නුවර හා රෝමයන්ගේ වාසයක් වූ පිලිප්පියට ඇවිත්, ඒ නුවර කීප දවසක් නැවතී සිටියෙමුව.


කෝලාහලය නැවතුණු පසු පාවුල් ගෝලයන් කැඳවා අවවාදකොට, ඔවුන්ට ආයුබෝවන් කියා, මකිදෝනියට යන්ට පිටත්වුණේය.


ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන්ට බොහෝ අවවාද දී, ග්‍රීසියට ආවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්