Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 18:18 - සිංහල කාලීන පරිවර්තනය

18 පාවුල් මද කලක් කොරින්තියෙහි ගත කර, සහෝදරයින්ගෙන් සමුගෙන, ප්‍රිස්කිලා හා අකිලා ද සමඟ සිරියා බලා නැව් නැංගේ ය. ඔහු තමා වූ බාරයක් ඔප්පු කරමින්, කෙන්ක්‍රයාහි දී තම හිස මුඩු කරවා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 18:18
17 හුවමාරු යොමු  

මොවුන් කැටිව ගොස්, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙතට සම්බන්ධ වී, එහි වියදම් ඔබම දරන්න. එවිට හිස මුඩු කර ගන්නට ඔවුන්ට හැකියි. ඔබ ගැන වූ ආරංචිවල සත්‍යයක් නැති බවත්, ඔබ දහම් නීති සංග්‍රහයට යටත්ව ජීවත් වන බවත් සැවොම දැන ගනීවි.


යුදෙව්වන් දිනා ගන්නා පිණිස, යුදෙව්වන් අතර මම යුදෙව්වකු මෙන් වීමි. මා දහම් නීතිය යටතේ සිටින්නකු නො වූව ද, දහම් නීතිය යටතේ සිටින්නන් දිනා ගන්නා පිණිස, දහම් නීතිය යටතේ සිටින්නන් අතර මම දහම් නීතිය යටතේ සිටින කෙනකු මෙන් වීමි.


කෙන්ක්‍රයා සභාවේ සේවිකා ෆීබී අප සහෝදරිය මම ඔබට බාර කරමි.


අකිලා නම් යුදෙව්වෙක් එහිදී ඔහුට මුණ ගැසිණි. පොන්තස් වැසියකු වූ හෙතෙම කලක් ඉතාලියේ විසූවෙකි. සියලු යුදෙව්වන් රෝමයෙන් පිට මං විය යුතු බවට ක්ලෝදියස් නියෝග කර තිබූ බැවින්, ඔහු තම භාර්යාව වූ ප්‍රිස්කිලා සමඟ මෑතකදී කොරින්තිය වෙත පැමිණ සිටියේ ය. පාවුල් ඔවුන් මුණ ගැසෙන්නට ගියේ ය.


පසුව මම සිරියා හා සිලිසියා පෙදෙස් කරා ගියෙමි.


ඔවුන් අත මෙසේ ලියා යැවූහ: අන්තියෝකියේ ද සිරියාහි ද සිලිසියාහි ද වෙසෙන අන්‍ය-ජාතික සහෝදරයින් වෙතයි. අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයන් වන ඔබේ සහෝදරයින් වන අපි ඔබට, ආචාර කරන්නෙමු.


සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩබෑමට නියමිතව තිබිණි.


ඔහු සිනගෝගයේදී නිර්භයව කතා කරන්නට වන් කල, ඒ ඇසූ ප්‍රිස්කිලා හා අකිලා තම නිවසට ඔහු කැඳවා, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා නිවැරදිව ඔහුට පහදා දුන්හ.


සභා සවිමත් කරමින් සිරියා හා සිලිසියා හරහා ගමන් ගත්තේ ය.


උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.


එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්,


අකාය වෙත යෑමට අපොල්ලොස්ට ඕනෑ වූ කල සහෝදරයෝ ඔහු දිරිමත් කොට, සාදරයෙන් ඔහු පිළිගන්නා ලෙස එහි ගෝලයින්ට ලියා යැවූහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදහා සිටියවුනට අපොල්ලොස්ගේ පැමිණීම මහත් පිළිසරණක් විය.


එනිසා අප කියන දේ කරන්න; බාරයක් වූ මිනිස්සු හතර දෙනෙක් අප සමඟ ඉන්නවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්