එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද
ක්‍රියා 2:38 - සිංහල කාලීන පරිවර්තනය පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ. Sinhala New Revised Version පේදුරු තුමා පිළිතුරු දෙමින්, “ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය. Sinhala New Revised Version 2018 පේදුරු තුමා පිළිතුරු දෙමින්, “ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය. Sinhala Revised Old Version පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. |
එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද
එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.
“කාලය සම්පූර්ණ වී ඇත; දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව තිබේ. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නැ!” යි පැවසූ සේක.
අදහා ගන්නා වූ, බව්තීස්ම කරනු ලබන්නා වූ කවුරුන් වුවත් ගලවනු ලබන්නේ ය. එහෙත් අදහා ගන්නේ නැති කවුරුන් වුවත් වරදට පත් කරනු ලබන්නේ ය.
යෙරුසලමෙන් පටන් ගෙන සෑම ජාතියකටම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතුව ඇත’ යනුවෙනි.
සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම කරන්නට එබැවින් ඔහු අණ කළේ ය. කීප දවසක් තමන් හා නැවතී සිටින ලෙස ඔවුහු පේතෘස්ගෙන් ඉල්ලූහ.
“එබැවින් මා සහෝදරයිනි, පාප කමාව ප්‍රකාශ කරනු ලබන්නේ, මෙම යේසුස්වහන්සේ මඟින් වග ඔබ දැනගත යුතුයි.
එබැවින් ඇය ද ඇගේ ගෘහ වාසීන් ද බව්තීස්ම ලද පසු ඕ, “මා සැබවින් ම ස්වාමින්වහන්සේ අදහන්නියකැයි ඔබ ඒත්තුගන්නේ නම්, අවුත් මගේ නිවසේ නවාතැන් ගන්නැ” යි අපට ඇරියුම් කර, අප ඊට කැමති කරවා ගත්තා ය.
නො දැනුවත්කමේ කාලවලදී දෙවියන්වහන්සේ ඒ ගැන නො සැලකූ නමුත් දැන් හැම තැන, හැම ජන කොටසකටම පසුතැවිලි වන්නට අණ කරන සේක.
යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.
තවත් පමා වන්නේ කුමට ද? නැගිටින්න; උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම ලබා, ඔබගේ පාප සෝදා හරින්නැ’ යි මට කීවා.
අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.
පළමුව දමස්කයේ සිටින්නන්ටත්, ඉන්පසු යෙරුසලමෙහි හා යුදය රට මුළුල්ලෙහි ද සිටින්නන්ටත්, එසේම විදේශීන්ටත් දේශනා කරමින්, ඔවුන් පසුතැවිලි විය යුතු වගත්, එසේ පසුතැවිලි වූ වග තම ක්‍රියා කලාපය තුළින් පෙන්විය යුතු වගත් ප්‍රකාශ කළෙමි.
එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්,
ඉශ්‍රායෙල් ජනයාට පසුතැවිල්ලත්, පාප කමාවත් දෙන පිණිස උන්වහන්සේ අධිපතියාණන් ද ගැලවුම්කරුවාණන් ද කොට දෙවියන්වහන්සේ ස්වකීය දකුණු පසට උන්වහන්සේ උසස් කළ සේක.
එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු-පිරිමි දෙගොල්ලම බව්තීස්ම කරන ලදහ.
එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි සිතූ නිසා, නුඹත් සමඟ නුඹේ මුදල් විනාශ වේවා!
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද?
උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.
උන්වහන්සේ අප ගැලෙව්වේ, අප කළ ධර්මිෂ්ඨකම් නිසා නො ව, උන්වහන්සේගේ දයාවන් නිසා නැවත ඉපදීම නැමති සේදීම හා ශුද්ධාත්මයාණන්ගේ අලුත් කිරීම මඟින් ය.
ඊට අනුරූප වන බව්තීස්මයෙන් දැන් ඔබ ගැලවේ; ඒ, ශරීරයෙන් කිලුට පහ කිරීමක් වශයෙන් නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම හේතු කොට ගෙන පිවිතුරු හෘදය සාක්ෂියකින් දෙවියන්වහන්සේට කරන පොරොන්දුවක් වශයෙනි.