Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 8:20 - සිංහල කාලීන පරිවර්තනය

20 එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි සිතූ නිසා, නුඹත් සමඟ නුඹේ මුදල් විනාශ වේවා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 8:20
23 හුවමාරු යොමු  

රෝගීන් සුව කරන්න; මළවුන් නැගිටුවන්න. කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරන්න; යක්ෂාත්මයින් දුරු කරන්න. ඔබ ලද්දේ නොමිලයේයි; නොමිලේම දෙන්න.


පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ.


මෙම බඩු වෙළඳාමෙන් ධනවත් වූ වෙළඳුන් ඇය විඳින වධයට බයින්, ඇයගෙන් ඈත්ව සිටගෙන, උස් හඬින් හඬනු ඇත; වැලපෙනු ඇත.


ඔබේ රන් රිදී මලකඩ කා ඇත. ඒ මලකඩ ඔබට එරෙහිව සාක්ෂියක්ව, ගින්දර මෙන් ඔබේ මාංසය කා දමනු ඇත. අන්තිම දවස්වල ඔබ ධනය ගොඩගසා ගෙන ඇත.


එබැවින් ඔබේ ඔය දුෂ්ටකම ගැන පසුතැවිලි වී, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. සමහර විට උන්වහන්සේ ඔබේ හදවතේ උපන් සිතිවිල්ලට කමා වනු ඇත.


ධනවත් වීමේ තද උවමනාව ඇත්තෝ පරීක්ෂාවට වැටෙති; උගුලට හසු වෙති; මිනිසුන් විනාශයටත්, නාස්තියටත් කිඳා බස්වන අඥානවූත්, හානිකරවූත් අනේක තෘෂ්ණාවනට ගොදුරු වෙති.


අප යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ අදහාගත් කල දෙවියන්වහන්සේ අපට දුන් එම දීමනාවම ඔවුන්ටත් දුන් සේක් නම්, දෙවියන්වහන්සේට එරෙහි වීමට මා කවරෙක් දැ?” යි පැවසී ය.


පේතෘස් සමඟ පැමිණ සිටි චර්මඡේදිත ඇදහිලිවන්තයින් අන්‍ය-ජාතිකයින් වෙත ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව වගුරුවනු ලැබූ වග දැක, විස්මිත වූහ.


මන්ද දුෂ්ට සිතිවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි.


(මේ මිනිසා තම දුෂ්ටකමේ ත්‍යාගයෙන් ඉඩමක් මිලට ගත්තේ ය. ඔහු දරුණු ලෙස වැටී, මැදින් පැළී ගියෙන්, ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.


“මා යමකු පිට අත් තැබූ කල්හි ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස මටත් ඔය බලය පවරන්නැ” යි ඉල්ලී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්