Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 1:15 - සිංහල කාලීන පරිවර්තනය

15 “කාලය සම්පූර්ණ වී ඇත; දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව තිබේ. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නැ!” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඒ දේශනාව මේ ය: “නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඒ දේශනාව මේ ය: “නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:15
17 හුවමාරු යොමු  

“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් ආවේ ය.


එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.


ඒ සැලැස්ම නිසි කල් පිරි කල ක්‍රියාකාරී වන සේ, ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ක්‍රිස්තුස්වහන්සේ යටතේ එක්සත් කිරීම ය.


යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.


එහෙත් කල් පිරුණු කල, දහම් නීතිය යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ,


එහි සිටින රෝගීන් සුව කර, ‘දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබට ළංව ඇතැ’ යි ඔවුන්ට කියන්න.


ගොසින්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා ප්‍රකාශ කරන්න.


යෙරුසලමෙන් පටන් ගෙන සෑම ජාතියකටම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතුව ඇත’ යනුවෙනි.


‘අපේ පා වැකුණු ඔබේ නගරයේ දූලි පවා ඔබට එරෙහිව මෙසේ ගසා දමන්නෙමු. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව ඇති බව දැනගන්නැ’ යි ඔවුන්ට කියන්න.


ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මඟින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ


එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්ව තමන්ම කැප කළ සේක.


නිසි කල්හි ස්වකීය වචනය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ, අප මිදුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ නියෝගයෙන් මට පවරන ලද දේශනා කිරීම තුළිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්