ක්‍රියා 2:33 - සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක. Sinhala New Revised Version උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක. Sinhala Revised Old Version එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක. |
යේසුස් ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක්, දෙවියන්වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
මෙන්න! මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළම නැවතී සිටින්නැ” යි පැවසූ සේක.
එවිට, පියාණන්වහන්සේගෙන් මම ඉල්ලන්නෙමි; උන්වහන්සේ සදහට ම ඔබ සමඟ සිටින්නට වෙනත් සහනදායකයකු දෙන සේක.
මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සහනදායකයාණන් වන ශුද්ධාත්මයාණන් පැමිණි කල, උන්වහන්සේ හැම දෙයක්ම ඔබට උගන්වමින්, මා ඔබට පැවසූ සියල්ල යළි ඔබට සිහි කරනු ඇත.
“පියාණන්වහන්සේ වෙතින් මා ඔබ වෙත එවන සහනදායකයාණන්, පියාණන්වහන්සේ වෙතින් නික්ම එන සත්‍යතාවයේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂි දෙන සේක.
එබැවින් දැන් පියාණෙනි, ලෝකය ඇතිවීමට පළමුවෙන් ඔබ සමඟ මට තිබූ තේජෝ මහිමයෙන් ඔබ ඉදිරියේ මා මහිමයට පැමිණෙවුව මැනව.
උන්වහන්සේ ඔවුන් සමඟ සිටියදී, ඔවුන්ට නියෝග කරමින්, “යෙරුසලමෙන් ඉවත්ව නො ගොස්, කලින් ඔබ මගෙන් ඇසූ පරිදි, පියාණන්වහන්සේගේ පොරොන්දුව ගැන බලා සිටින්න.
පේතෘස් සමඟ පැමිණ සිටි චර්මඡේදිත ඇදහිලිවන්තයින් අන්‍ය-ජාතිකයින් වෙත ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව වගුරුවනු ලැබූ වග දැක, විස්මිත වූහ.
“ ‘දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක්, අන්තිම දවස්වලදී මම මාගේ ආත්මයාණන් සියලු මිනිසුන් පිට වගුරුවමි. ඔබගේ පුත්‍රයින් හා දූවරුන් දිවැස් වැකි පවසනු ඇත. ඔබගේ තරුණයින් දර්ශන දකිනු ඇත. ඔබගේ මහලු මිනිසුන් ස්වප්න දකිනු ඇත.
ඉශ්‍රායෙල් ජනයාට පසුතැවිල්ලත්, පාප කමාවත් දෙන පිණිස උන්වහන්සේ අධිපතියාණන් ද ගැලවුම්කරුවාණන් ද කොට දෙවියන්වහන්සේ ස්වකීය දකුණු පසට උන්වහන්සේ උසස් කළ සේක.
බලාපොරොත්තුව අප ලජ්ජාවට පත් කරන්නේ නැත. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමය අප හදවත් තුළට වගුරුවා ඇති හෙයිනි.
ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.
ඔබගේ ගැලවීමේ ශුභාරංචිය වන සත්‍යතාවේ වචනය ඔබ අසා, උන්වහන්සේ අදහාගත් කල, ඔබත් මුද්‍රා තබනු ලැබ ඇත්තේ, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන්ගෙනි.
ඒ ගැන මෙසේ කියවෙයි: “උන්වහන්සේ උසස් ස්ථානයට නැගුණු කල, වහල්කමට අල්ලාගත් සමූහයක් ගෙන ගිය සේක; උන්වහන්සේ මිනිසුනට තෑගි දුන් සේක.”
උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ගැලවුම්කරුවාණන් මඟින් අධිකව ශුද්ධාත්මයාණන් අප පිට වගුළේ,
එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක.
එහෙත් හැම කෙනකු උදෙසාම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.
උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.
උන්වහන්සේ ස්වර්ගයට පිවිස, දේව දූතයින් ද අධිපතීන් ද බලධාරීන් ද උන්වහන්සේට යටත් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින සේක.