Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 2:9 - සිංහල කාලීන පරිවර්තනය

9 එහෙත් හැම කෙනකු උදෙසාම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත්කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 2:9
39 හුවමාරු යොමු  

ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,


අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේම පාප උදෙසා ය.


එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය.


දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක.


මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.


සියල්ලන් වෙනුවෙන් උන්වහන්සේ මැරුණේ, ජීවත්ව සිටින්නන් තවදුරටත් තමන්ම උදෙසා ජීවත් නො වී, ඔවුන් උදෙසා මැරී, නැගිටුවනු ලැබූ තැනැන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;


එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන්ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය.


පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;


එහෙත් මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, මම සියලු මිනිසුන් මා වෙත ඇදගනිමි” යි පැවසූ සේක.


එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.


උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.


හැම උත්තම පූජකයෙක්ම පඬුරු හා යාග ඔප්පු කරනු සඳහා පත් කරනු ලබයි, එබැවින් මෙම උත්තම පූජකයාණන්ටත් ඔප්පු කරන්නට යමක් තිබීම අවශ්‍ය ය.


එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්ව තමන්ම කැප කළ සේක.


පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.


ස්වකීය පුත්‍රයාණන් පවා ඉතිරි කර නො ගෙන, අප සියල්ලන් උදෙසා උන්වහන්සේ ද දුන් සේක් නම්, උන්වහන්සේ ද ඇතුළුව හැම දෙයක්ම නො මසුරුව අපට නො දෙන සේක් ද?


එහෙත් කල් පිරුණු කල, දහම් නීතිය යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ,


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.


මාංසයේ දුබලතාව මඟින් දහම් නීතියට කළ නො හැකි වූ දේ, දෙවියන්වහන්සේ කළේ, ස්වකීය පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමින් හා පාපය උදෙසා එවා, මාංසයේ පාපය දඬුවමට පත් කිරීමෙනි.


පියාණන්වහන්සේ මට ප්‍රේම කරන හේතුව, මා විසින්ම ආපසු ගන්නා පිණිස, මා මගේ ජීවිතය පිදීමයි.


එවිට යුදෙව්වෝ, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි.


“සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යයෙන් යුක්තව පැමිණෙනු දකින තෙක්, මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.


උන්වහන්සේගේ ඇස් ඇවිළෙන ගිනිසිළු වැන්න. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබිණි. උන්වහන්සේ මිස අන් කවරකුත් නො දන්න, ලියා ඇති නමක් උන්වහන්සේට තිබිණි.


මද කලකට දේව දූතයින්ට වඩා ඔහු මඳක් පහත් වන්නට සැලසූ ඔබවහන්සේ, තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳුවේ,


“සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු, මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.


උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම, මම ඔබට කියමි; දෙවියන්වහන්සේගේ රාජ්‍යය, බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තුරු, දැන් මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.


“ඇඳුම් ගැන ඔබ කනස්සලු වන්නේ මන්ද? කෙතේ මානෙල් වැඩෙන හැටි බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත.


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචනය පිළිපදින කෙනකු වේ ද, කිසි කල ඔහු මරණය දකින්නේ නැතැ” යි පැවසූ සේක.


ධර්මිෂ්ඨකමට ඔබ ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකරුවනට, ඉහළින් ප්‍රමෝදයේ තෙලින් ඔබ ආලේප කළ සේක” යනුවෙනි.


මරණය නො දකින පිණිස, ඒනොක් ඔසවා ගනු ලැබුවේ ඇදහිල්ලෙනි: දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින්, ඔහු හමු නො වීය. එසේ ගනු ලැබීමට පෙර, ඔහු දෙවියන්වහන්සේ ප්‍රසන්න කළ වගට සාක්ෂි ලැබිණ.


අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඇස ගසාගෙන, වීර්යයෙන්ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙලව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්