Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:34 - සිංහල කාලීන පරිවර්තනය

34 මන්ද දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. එහෙත් ඔහු මෙසේ කියයි, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34-35 එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම, ‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34-35 එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම, ‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:34
9 හුවමාරු යොමු  

කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා, ඔබගේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.”


තවද සියලු දේම ක්‍රිස්තුස්වහන්සේගේ පාදයන්ට යටත් කළ දෙවියන්වහන්සේ සභාව උදෙසා සියලු දේහි ප්‍රධාන තැනැත්තාණන් ලෙස උන්වහන්සේ නියම කළ සේක.


මන්ද උන්වහන්සේගේ සියලු සතුරන් උන්වහන්සේගේ පයට යටත් කරන තෙක්, උන්වහන්සේ රජකම් කළ යුතුම ය.


දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත.


ස්වර්ගයෙන් බැස්සාවූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැඟුනේ නැත;


මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා සමිඳාණන්ට පැවසූ සේකැ” යි පවසා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්