ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 15:27 - සිංහල කාලීන පරිවර්තනය

අප ලියා එවන දෑ, කට වචනයෙන්ම සහතික කරනු පිණිස, මෙසේ අපි යූදස් හා සීලස් ඔබ වෙත එවමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙයින් යූදස්ද සීලස්ද එවීමුව, ඔවුනුත් එම කාරණා නුඹලාට කටින් කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 15:27
4 හුවමාරු යොමු  

ඉන්පසු තමන් අතරින් මිනිසුන් කීප දෙනකු තෝරා, පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකිය වෙත යැවීම සුදුසු වග අපෝස්තුලුවරුනට හා සභා-මූලිකයනට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. සහෝදරයින් අතර නායකයින් වූ බර්සබස් නම් ලත් යූදස් ද සීලස් ද ඒ කාරිය සඳහා තෝරාගත් ඔවුහු,


දිවැසිවරුන් වූ යූදස් හා සීලස් සහෝදරයින් ධෛර්යවත් කරමින් හා ඔවුන් ශක්තිමත් කරමින් බොහෝ දෑ පැවසූහ.


ඔබට ලියන්නට මට බොහෝ දේ ඇතත්, කඩදාසියෙන් හා තීන්තෙන් දන්වනවාට වඩා, අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස, ඔබ වෙත පැමිණ, ඔබ හා මුහුණට මුහුණ ලා, කතා කරන්නට බලාපොරොත්තු වෙමි.


ඔබට ලියන්නට බොහෝ දේ මට තිබේ. එහෙත් පෑනෙන් හා තීන්තෙන් එය කරන්නට නො කැමැත්තෙමි.