Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 15:27 - Sinhala Revised Old Version

27 එහෙයින් යූදස්ද සීලස්ද එවීමුව, ඔවුනුත් එම කාරණා නුඹලාට කටින් කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 අප ලියා එවන දෑ, කට වචනයෙන්ම සහතික කරනු පිණිස, මෙසේ අපි යූදස් හා සීලස් ඔබ වෙත එවමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:27
4 හුවමාරු යොමු  

එකල තමුන්ගේ සමාගමෙන් මනුෂ්‍යයන් තෝරාගන පාවුල් හා බර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැයි ප්‍රේරිතයන්ටද වැඩිමහල්ලන්ටද මුළු සභාවටද පෙනීගියේය; තෝරාගනු ලැබුවෝ නම් සහෝදරයන් අතරේ ප්‍රධානවූ අය වන බර්සබ්බස් නම්ලත් යූදස් සහ සීලස්ය.


නුඹට බොහෝ දේ ලියා එවන්ට මට තිබුණේය. නුමුත් තීන්තෙන් හා පිහාට්ටෙනුත් නුඹට ලියා එවන්ට නොකැමැත්තෙමි.


බොහෝ කාරණා නුඹලාට ලියා එවන්ට මට තිබේ, නුමුත් කඩදාසියෙන් සහ තීන්තෙන් එසේ කරන්ට නොකැමැත්තෙමි. නුමුත් නුඹේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස නුඹ ළඟට එන්ටද මුහුණට මුහුණලා කථාකරන්ටද බලාපොරොත්තුවෙමි.


යූදස් සහ සීලස්, තුමූ ප්‍රොපේතවරු බැවින්, බොහෝ වචනවලින් සහෝදරයන්ට අවවාදකර, ඔවුන් ස්ථිරකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්