ක්‍රියා 13:23 - සිංහල කාලීන පරිවර්තනය “මෙම මිනිසාගේ පරපුරෙන් දෙවියන්වහන්සේ ස්වකීය පොරොන්දුව ලෙස ඉශ්‍රායෙල් ජනයාට ගැලවුම්කරුවාණන් වූ යේසුස්වහන්සේ ලබා දුන් සේක. Sinhala New Revised Version දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක. Sinhala Revised Old Version ඔහුගේ වංශයෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඉශ්‍රායෙල්ට යේසුස් නම් ගැළවුම්කාරයෙකු පමුණුවා දුන්සේක. |
ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.
උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “උසස් තැන්හි හෝසන්නා!” යි මහ හඬ නැගුවෝ ය.
“ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසූ සේක. “දාවිත්ගේ පුත්‍රයා යැ” යි ඔවුහු පැවසූහ.
ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.
ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ වංශයෙන් බවත්, දාවිත් සිටි ගම වන බෙත්ලෙහෙමෙන් බවත් ශුද්ධ ලියවිල්ල කියනවා නො වේ දැ?” යි ඇසූහ.
එහෙත් තමාගේ ඇවෑමෙන් තමාගෙන්ම පැවතෙන්නකු තම සිහසුනේ හිඳුවීමට දෙවියන්වහන්සේ තමාට දිවුරා ගිවිසි වග දැන සිටි දිවැසිවරයකු වූ ඔහු,
දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.
අන් කිසිවකු තුළ ගැලවීම නැත. මන්ද අපේ ගැලවීමට අවශ්‍ය වූ, මිනිසුන් අතරේ දෙන ලද අන් කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේමැ” යි පැවසී ය.
ඒ අයුරින් මුළු ඉශ්‍රායෙල් ගලවනු ලබන්නෝ ය. ලියා ඇති ලෙස, “ගැලවුම්කරුවාණෝ සියොන්හි සිට එන සේක. එතුමාණෝ යාකොබ් වෙතින් අභක්තිය පහ කරන සේක.
පොදු ඇදහිල්ල තුළ මගේ සැබෑ දරුවා වූ තීතස් වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අපගේ ගැලවුම්කාර ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, සාමයත් වේවා!
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.
මෙසේ අපගේ ස්වාමින්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ ඉහළ පිළිගැනීමක් ද ඔබට හිමි වේ.
අපගේ ස්වාමියාණන් හා ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැන-හැඳිනගැනීම මඟින්, ලෝකයේ දූෂිතකමින් ගැලවුණු ඔවුන්, යළිත් ඒ දූෂ්‍යතාහි පැටලී ඊට යටත් වුවහොත් ඔවුන්ගේ අවසානය, ඔවුන්ගේ පළමු තත්වයට වඩා බෙහෙවින්ම නරක් වේ.
තවද අපගේ ස්වාමියාණන් ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේත්, දැනගැන්මෙත් වැඩි වර්ධනය වන්න. දැනුත්, සදහටත් උන්වහන්සේට තේජෝ මහිම වේවා! ආමෙන්.
ශුද්ධ දිවැසිවරුන් මඟින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මඟින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.
තවද පියාණන්වහන්සේ, ස්වකීය පුත්‍රයාණන් ලෝකයේ ගැලවුම්කරුවාණන් වීමට එවූ වග අපි දුටුවෙමු; ඊට සාක්ෂි දරන්නෙමු.
අප ගැලවුම්කාර එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් තේජෝමහිමයත්, පරාක්‍රමයත්, බලයත්, ආධිපත්‍යයත් සියලු කාලවලට පෙරත්, දැනුත්, සදහටත් වේවා! ආමෙන්.
“යේසුස් වන මම සභා උදෙසා, ඔබට සාක්ෂි දරන්නට මාගේ දූතයා එවීමි. මම දාවිත්ගේ අංකුරයාණන් හා එයින් පැවත එන්නා ය. බැබළෙන පහන් තාරකාව ය.”