Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 පේත්‍රැස් 2:20 - සිංහල කාලීන පරිවර්තනය

20 අපගේ ස්වාමියාණන් හා ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැන-හැඳිනගැනීම මඟින්, ලෝකයේ දූෂිතකමින් ගැලවුණු ඔවුන්, යළිත් ඒ දූෂ්‍යතාහි පැටලී ඊට යටත් වුවහොත් ඔවුන්ගේ අවසානය, ඔවුන්ගේ පළමු තත්වයට වඩා බෙහෙවින්ම නරක් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 අප ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසඟ වුණොත්, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 අප ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසඟ වුණොත්, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 මක්නිසාද ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම්වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල්වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 පේත්‍රැස් 2:20
20 හුවමාරු යොමු  

ඔවුන්ගේ අවසානය විනාශයයි; ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩ ය; ඔවුන් පාරට්ටු කරගන්නේ තමන් ලජ්ජා විය යුතු දෑ ගැන ය. ඔවුන්ගේ මනස රැඳී ඇත්තේ ලෞකික දෑ පිට ය.


තමා බඳවාගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත.


පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.


මෙසේ අපගේ ස්වාමින්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ ඉහළ පිළිගැනීමක් ද ඔබට හිමි වේ.


දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!


ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි.


එතුළින් උන්වහන්සේ අනර්ඝවූත්, අති ශ්‍රේෂ්ඨවූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කරගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.


මෙම ගුණාංග ඔබට හිමිව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත.


මන්ද වරදෙහි ගැලෙන්නවුන් වෙතින් මිදී ආ නවකයින් වෙත හිස් වචන ද පුරාජේරු කතා හා පවිටු මිනිස් ස්වභාවේ රාගික පෙලඹවීම් ද පානා ඔවුහු,


තවද අපගේ ස්වාමියාණන් ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේත්, දැනගැන්මෙත් වැඩි වර්ධනය වන්න. දැනුත්, සදහටත් උන්වහන්සේට තේජෝ මහිම වේවා! ආමෙන්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්