Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 පේත්‍රැස් 3:2 - සිංහල කාලීන පරිවර්තනය

2 ශුද්ධ දිවැසිවරුන් මඟින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මඟින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ අපෝස්තුළුවරු විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරණකොටගෙන කියෙවු ස්වාමිවූ ගැළවුම්කාරයාණන්ගේ ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක්කරවීම කරණකොටගෙන නුඹලාගේ අවංකවූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදුකරවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 පේත්‍රැස් 3:2
20 හුවමාරු යොමු  

එහෙත් ප්‍රේමණීයයනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අපෝස්තුලුවරුන් කලින් කියන ලද වචන සිහි කරන්න.


ධර්මිෂ්ඨත්වයේ මාර්ගය දැන, තමනට භාර දුන් ශුද්ධ නියෝගයට පිටු පෑමට වඩා, එය නො දැන සිටීම ඔවුනට හොඳ ය.


ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්,


උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.


එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.


ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය.


පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.


සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.


ඈත අතීතයේ තම ශුද්ධ දිවැසිවරුන් මඟින් දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ සියලු ආකාර සෞභාග්‍යවත් කාලයක් යළි උදා කෙරෙන තෙක්, යේසුස්වහන්සේ ස්වර්ගයේ සිටින්නට යුතුව ඇත.


එනමුත් ස්වකීය සියලු දිවැසිවරුන්ගේ මුවින් දෙවියන්වහන්සේ පෙර පවසන ලද පරිදි, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දුක් පීඩා විඳිය යුතු ය යන අනාවැකිය උන්වහන්සේ සම්පූර්ණ කළේ එලෙසයි.


මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක.


අප දෙවියන්වහන්සේගෙන් ය, දෙවියන්වහන්සේ දන්නා අය අපට සවන් දෙති; එහෙත් දෙවියන්වහන්සේගෙන් නො වන අය අපට සවන් දෙන්නේ නැත. සත්‍යයේ ආත්මයාණන් හා අසත්‍යයේ ආත්මය කුමක්දැයි අප දැනගන්නේ මෙලෙසිනි.


අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල් ඔහුට දී ඇති ප්‍රඥාවෙන් ඔබට ලියා ඇති පරිදි, අපගේ ස්වාමින්වහන්සේගේ ඉවසිල්ලේ අරුත ගැලවීම සැලැසීම බව සිත්හි තබාගන්න.


එකිනෙකාගේ බර ඉවසා දරා ගැනීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න.


උන්වහන්සේගේ ශුද්ධ අපෝස්තුලුවරුනට හා දිවැසිවරුනට ආත්මයාණන්වහන්සේ මඟින් දැන් හෙළිකර ඇති ඒ අබිරහස, ඉහත පරම්පරාවල මනුෂ්‍ය-පුත්‍රයින්ට හෙළි කරන ලද්දේ නැත.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ප්‍රකාශ වන තුරු නො කැළැල්ව හා දෝෂයෙන් තොරව මේ ආඥාව පිළිපදින ලෙසයි.


ඔහු තම ලිපි මඟින් මේ කරුණු ගැන පවසද්දී හැම ලිපියකම ලියන්නේ මේ දේම ය. වටහා ගැන්මට අපහසු ඇතැම් දෑ ඔහුගේ ලිපිවල අඩංගු වෙයි. නූගත්, චපල සිතැත්තෝ අනෙක් ශුද්ධ ලියවිලි මෙන්ම මේවා ද තමන්ගේ විනාශයට විකෘති කොට දක්වති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්