එළිදරව් 18:11 - සිංහල කාලීන පරිවර්තනය “පොළොවේ වෙළෙන්දෝ ද තමන්ගේ වෙළඳ බඩු කිසිවකු මිලට නො ගන්නා බැවින් ඇය ගැන හඬති; වැලපෙති. Sinhala New Revised Version කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ තවදුරටත් මිල දී නොගන්නා බැවින්, දේශාන්තර වෙළෙන්දෝ ඈ ගැන හඬා ශෝක වෙති. Sinhala New Revised Version 2018 කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ තවදුරටත් මිල දී නොගන්නා බැවින්, දේශාන්තර වෙළෙන්දෝ ඈ ගැන හඬා ශෝක වෙති. Sinhala Revised Old Version පොළොවේ වෙළෙන්දෝද කිසිවෙක් ඔවුන්ගේ වෙළඳාම් බඩු නොගන්න බැවින් ඈ ගැන අඬා ශෝකවෙති. ඒ බඩු නම්: |
පරෙවි වෙළඳුන් වෙත හැරුණු උන්වහන්සේ, “මේවා මෙතැනින් අරන් පලයල්ලා. මා පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් කිරීම නවතපල්ලා” යි කී සේක.
මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.
මෙම බඩු වෙළඳාමෙන් ධනවත් වූ වෙළඳුන් ඇය විඳින වධයට බයින්, ඇයගෙන් ඈත්ව සිටගෙන, උස් හඬින් හඬනු ඇත; වැලපෙනු ඇත.
“එම්බා ස්වර්ගය, ඇය ගැන ප්‍රීතිවන්න! දෙවියන්වහන්සේගේ ජනයෙනි, ප්‍රීතිවන්න! අපෝස්තුලුවරුනි, දිවැසිවරුනි, ප්‍රීතිවන්න! මන්ද දෙවියන්වහන්සේ ඇය ඔබට කළ ලෙස, ඇයට එරෙහිව විනිශ්චය දී ඇත.”
පහනක එළිය, යළි කිසි දින නුඹ තුළ බැබළෙන්නේ නැත. මනාල මනාලියකගේ හඬ, කිසි දින යළි නුඹ තුළ ඇසෙන්නේ නැත. නුඹේ වෙළෙන්දෝ පොළොවේ ශ්‍රේෂ්ඨයින් වූහ. නුඹේ මන්තරවලින් හැම ජාතියක්ම මුළා කරනු ලැබිණ.
මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.”
“ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත.