Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 22:5 - සිංහල කාලීන පරිවර්තනය

5 “එහෙත් ඔවුහු ඒ නො තකා, කෙනෙක් තම ගොවිපොළටත්, කෙනෙක් තම ව්‍යාපාරයටත් ගිය අතර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 නුමුත් ඔව්හු ඒ නොසලකා, එක්කෙනෙක් තමාගේම කෙතටත්, අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 22:5
21 හුවමාරු යොමු  

ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත.


ද්‍රෝහීන්ව, නො සැලකිලිමත්වූවන්ව, මානයෙන් උදම්වූවන්ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන්ව,


මාංසයේ මනස රැඳවීම මරණයයි. එහෙත් ආත්මයාණන් මත මනස රැඳවීම, ජීවනය හා සාමයයි.


නැතහොත්, දෙවියන්වහන්සේගේ කරුණා-අරමුණ, පසුතැවිල්ල වෙත ඔබ යොමු කිරීම බැව් වටහා නො ගෙන, උන්වහන්සේගේ කරුණාවේත්, ක්ෂාන්තියේත්, ඉවසීමේත් පොහොසත්කම සුළු කොට තකනවා ද?


ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬ ගසන්නම්” යි කීවේ ය.


එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත්වෙලා” යි කීහ.


කටු අතරේ වැටුණු බීජ නම්, වචනයට සවන් යොමන නමුදු ලෝකයේ දුක් කරදර හා ධන සම්පත්හි මායාවෙන් වචනය යට කර දමන්නා ය. එය පල දරන්නේ නැත.


“එවිට ඔහු තවත් සේවකයින් යවමින්, ‘ඔවුන්ට මෙසේ කියා යැවී ය: ඔන්න, මාගේ භෝජන සංග්‍රහය සූදානම්; මගේ ගවයින් හා තර කළ මගේ සතුන් මරා, සියල්ල සූදානම්; මංගල සාදයට එන්න.’


සෙසු අය ඔහුගේ සේවකයින් අල්ලා, නිග්‍රහ කොට, ඔවුන් මරා දැමූහ.


පරෙවි වෙළඳුන් වෙත හැරුණු උන්වහන්සේ, “මේවා මෙතැනින් අරන් පලයල්ලා. මා පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් කිරීම නවතපල්ලා” යි කී සේක.


මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්