Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 18:12 - සිංහල කාලීන පරිවර්තනය

12 එම වෙළඳ බඩු නම් රන්, රිදී, මිණි, මුතු භාණ්ඩ ද සිහින් හණ රෙදි, දම් පැහැ ඇඳුම්, පටපිළි හා තද රත් පැහැ රෙදි, සකල වර්ගයේ සුවඳ දැව ද ඇත් දළින්, අධි මිල දැවයෙන්, ලෝකඩින්, යකඩින් හා කිරිගරුඬින් තැනූ විවිධ බඩු භාණ්ඩ ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඒ බඩු නම්, රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නා නා විධ සුවඳ දැව, ඇත් දත් බඩු, ඉතා අනර්ඝ ලීයෙන් ද ලෝකඩින් ද යකඩින් ද කිරිගරුඬෙන් ද සෑදූ විවිධ බඩු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඒ බඩු නම්, රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නා නා විධ සුවඳ දැව, ඇත් දත් බඩු, ඉතා අනර්ඝ ලීයෙන් ද ලෝකඩින් ද යකඩින් ද කිරිගරුඬෙන් ද සෑදූ විවිධ බඩු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 රන් රිදී බඩුද අනර්ඝ ගල්ද මුතුද සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද; සියලු ආකාර සුවඳ ලීද සියලු ඇත්දත් භාජනද ඉතා අනර්ඝ ලීයෙන් පිත්තලෙන් යකඩින් සහ කිරිගරුඬවලින් සෑදූ සියලු ආකාර භාජනද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 18:12
8 හුවමාරු යොමු  

ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.


ඒ ස්ත්‍රිය දම් හා තද රතු ඇඳුම් හැඳ, රන්, මැණික්, හා මුතුවලින් සැරසී සිටියා ය. පිළිකුල්කම්වලින් හා ඇගේ ලිංගික අනාචාර අපවිත්‍රතාවෙන් පිරි රන් කුසලානක් ඇගේ අතේ විය.


මෙම බඩු වෙළඳාමෙන් ධනවත් වූ වෙළඳුන් ඇය විඳින වධයට බයින්, ඇයගෙන් ඈත්ව සිටගෙන, උස් හඬින් හඬනු ඇත; වැලපෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්