එළිදරව් 16:15 - සිංහල කාලීන පරිවර්තනය “මෙන්න, මම සොරෙකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.” Sinhala New Revised Version “මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.” Sinhala New Revised Version 2018 “මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.” Sinhala Revised Old Version නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂාකරගන්නා ආශීර්වාදලද්දෙක්ය.) |
පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
පරීක්ෂාවට නො වැටෙන පිණිස අවදිව සිටිමින්, යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
සිදුවන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක.
එබැවින් කල්පනාකාරීව සිටින්න. වසර තුනක් තිස්සේ දිවා රෑ දෙක්හි කඳුළින් යුතුව, මා ඔබ එකිනෙකාට නො නැවතී අවවාද කළ බව මතක තබාගන්න.
එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වගබලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතුව සිටිමු.
සියල්ලේ අවසානය ළංව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න.
එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරෙකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මකව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත.
“මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න.
ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි.