Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 16:16 - සිංහල කාලීන පරිවර්තනය

16 හෙබ්‍රෙව් බසින් හාර්මගෙද්දෝන් යයි හැඳින්වෙන ස්ථානයට ඔවුහු රජුන් එක්රැස් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මෙලෙස ඔව්හු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මෙලෙස ඔව්හු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 16:16
14 හුවමාරු යොමු  

උන්ගේ රජු වශයෙන් පතුලක් රහිත අගාධයේ දූතයා උන්ට සිටියේ ය. ඔහුගේ නම විනාශකයා යන අරුතින් හෙබ්‍රෙව් බසින් අබද්දොන් ය; ග්‍රීක් බසින් අපොල්ලියෝන් ය.


ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසනීයයන් යැ” යි පැවසී ය.


ඒ වචන ඇසූ පිලාත්, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, (හෙබ්‍රෙව් බසින් ගබ්බතා නම් වූ) ගල් වේදිකාව නම් ස්ථානයේ වූ විනිශ්චය ආසනයේ හිඳ ගත්තේ ය.


අප සැවොම බිම ඇද වැටුණා. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්ද? කෙවිටට පයින් ගැසීම ඔබට අසීරු යැ’ යි හෙබ්‍රෙව් බසින් මා අමතන කටහඬක් මට ඇසුණා.


උන්වහන්සේ තම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානය වෙත ගිය සේක.


යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්