මන්ද දුෂ්ට සිතිවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි.
එපීස 5:3 - සිංහල කාලීන පරිවර්තනය ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය. Sinhala New Revised Version ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත. Sinhala New Revised Version 2018 ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත. Sinhala Revised Old Version නුමුත් වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. |
මන්ද දුෂ්ට සිතිවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි.
ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක.
ඒ වෙනුවට, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලිංගික අනාචාරයෙන් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලෙයින් ද වැළකී සිටිය යුතු ය යන්න අපි ඔවුන්ට මෙසේ ලියා යැවිය යුතුයි.
සියලු ආකාර අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් හා ද්වේෂයෙන් පුරවනු ලැබ සිටින ඔවුහු, ඊර්ෂ්‍යාවෙන්, මිනීමැරීමෙන්, කලහයෙන්, වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී සිටිති. ඔවුහු ඕපාදූප පතුරන්නෝ ය;
ශුද්ධවතුනට ඔබින ලෙස ස්වාමින්වහන්සේ තුළ ඇය පිළිගන්නා ලෙසත්, අවශ්‍ය වන හැම විටෙක ඇයට උපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද ඇය මටත්, තව බොහෝ දෙනකුටත් උදවු උපකාර කළ තැනැත්තියකි.
ඔබගේ අවයව දුෂ්ටකමට උපකරණ සේ යෙදවීමට, පාපයේ කැමැත්තට බාර නො දී, මරණයෙන් ජීවනයට පැමිණියකු සේ ඔබ දෙවියන්වහන්සේට බාර වී, ඔබේ අවයව ධර්මිෂ්ඨකමට උපකරණ සේ දෙවියන්වහන්සේට බාර දෙන්න.
ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අප ලිංගික අනාචාරයේ නො ගැලිය යුතු ය. එයින් එකම දවසේ ඔවුන්ගෙන් විසිතුන් දහස් දෙනෙක් වැටී ගියහ.
මිසදිටුවන් අතරේ පවා නො ඉවසන අන්දමේ ලිංගික අනාචාරයක් ඔබ අතරේ සිදුවන වග සැබවින් ම ආරංචි වී ඇත. ඒ, කෙනෙක්, තම පියාගේ භාර්යාව තියාගෙන සිටින වගයි.
“ආහාර, උදරය සඳහා ය; උදරය, ආහාර සඳහා ය.” එහෙත් දෙවියන්වහන්සේ ඒ දෙකම, ඒකත්-මේකත් විනාශ කරන සේක. ශරීරය ලිංගික අනාචාරය සඳහා නො ව, ස්වාමින්වහන්සේ සඳහා ය. ස්වාමින්වහන්සේ ද ශරීරය සඳහා ය.
ලිංගික අනාචාරයෙන් පැන දුවන්න. මිනිසා කරන අන් හැම පාපයක්ම කරනුයේ ශරීරයෙන් පිටස්තරව ය. එහෙත් ලිංගික අනාචාරකම් කරන්නා, තමන්ගේම ශරීරයට එරෙහිව පව් කරයි.
මා නැවත ආ කල, මගේ දෙවියන්වහන්සේ ඔබ ඉදිරියෙහි මා යටත් කරනු ඇත කියා ද ඉහතදී පවෙහි ගැලුණු බොහෝ අය තමන් පිනවා ගනිමින් කළා වූ අපවිත්‍රකම්, ලිංගික අනාචාර හා කාමුක සල්ලාලකම් ගැන පසුතැවිලි නො වීමෙන් ඒ අය ගැන මට වැලපෙන්නට වේ දෝයි කියා ද මම බය වෙමි.
මේ වග නිසැකව දැනගන්න! අනාචාරකම් කරන්නකුට, දුරාචාරයේ යෙදෙන්නකුට, තණ්හාව නැමති රූප අදහන්නකුට ක්‍රිස්තුස්වහන්සේගේ හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසි උරුමයක් නැත.
කුමක් වෙතත්, ඔබගේ ජීවන රටාව ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබින අයුරින් හසුරුවා ගන්න. එවිට මා අවුත්, ඔබ හමුවෙතත්, නෑවිත් ඔබ ගැන තොරතුරු අසනවා පමණක් වුවත්, ඔබ එකම ආත්මයෙන් තිරසරව සිටින බවත්, ශුභාරංචියේ ඇදහිල්ල උදෙසා එකාවන්ව සටන් වදින බවත්,
එබැවින් ලිංගික අනාචාරය ද අපවිත්‍රකම ද කාම තෘෂ්ණා ද විකෘති ආශා ද රූප වැඳීම වන තණ්හාව ද යන ඔබේ භූමික වූ දෑ නසාලන්න.
ඔහු, බේබද්දකු නො වූ, බලහත්කාරයෙන් තොර, මෘදුගුණැති, කලහකරුවකු නො වූ, මුදලට කෑදර නැති කෙනකු විය යුතු ය.
මන්ද මුදලට ආලය, සියලු ආකාර නපුරට මුල ය. ඇතමුන් ඇදහිල්ලෙන් මංමුළා වී, අනේක වේදනාවලින් තමන්ම සිදුරු කරගෙන සිටින්නේ මෙම තෘෂ්ණාව නිසා ය.
තමන්ටම ප්‍රේම කරන්නන්ව, මුදලට ප්‍රේම කරන්නන්ව, අහංකාරීන්ව, උඩඟුවූවන්ව, අවලාද නගන්නන්ව, තම මාපියනට අකීකරුවන්නන්ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන්ව,
නිර්ලජ්ජිත වාසි ලබන පිණිස, නූගැන්විය යුතු දේ උගන්වමින්, ඔවුන් පවුල් පිටින් විනාශයට යොමු කරවන බැවින්, ඔවුන්ගේ කට පියවිය යුතුව ඇත.
සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර,
එලෙසම වයස්ගත ස්ත්‍රීන් හැසිරීමෙන් ගරු කටයුතු වූ, අපහාස කතා නො කියන, අධික මිදි යුෂ පානයට ඇබ්බැහි නො වූ, එහෙත් ගුණදම් කියා දෙන තැනැත්තියන් විය යුතු ය.
කිසිවකුත් ලිංගික අනාචාරයේ නො ගැලෙන ලෙසට හා එක කෑම වේලකට තම කුලුඳුල්කම විකුණූ ඒසව් මෙන් නො වන ලෙසට වගබලා ගන්න.
විශ්වාසී භාරකරුවන් සේ සේවය කරමින්, ඔබ භාරයේ වෙසෙන දෙවියන්වහන්සේගේ බැටළු රැළ රැක-බලාගන්න; එය කළ යුත්තේ බලකිරීමක් නිසා නො ව, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන පරිදි ස්ව-කැමැත්තෙනි; ලජ්ජා සහගත වාසියකට නො ව, සේවයට ලැදියාවෙනි;
විශේෂයෙන් මෙය බලපාන්නේ පාපී ස්වභාවයේ දූෂිත රාග තෘෂ්ණාවල යෙදෙන්නාවූත්, ආධිපත්‍යයට නිග්‍රහ කරන්නාවූත් අයට ය. බිය සැක නැති මේ හිතුවක්කාර මිනිස්සු ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරන්නට වුව බය නො වෙති.
ඔවුහු ලිංගික තෘෂ්ණා පිරුණු ඇසින් යුතුව සෑහීමක් නැතිව පවෙහි ගැලෙති; අස්ථිරවූවන් වරදට පොලඹවති. ඔවුහු තණ්හාවට පුහුණු කර ගත් සිත් ඇත්තෝ ය; ශාප ලත් දරුවෝ ය.
මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.
“එහෙත් ඔබට එරෙහිව කරුණු ස්වල්පයක් මට තිබේ. පිළිමවලට යාග කරන ලද පිදේනි කෑමටත්, ලිංගික අනාචාරයන්හි යෙදීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයින් ඉදිරියේ බාධකයක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඇතමෙක් ඔබ අතර වෙති.
එහෙත් බියසුල්ලන්, අවිශ්වාසිකයින්, පිළිකුල්කම් කරන්නන්, මිනීමරුවන්, ලිංගික අපචාරීන්, මන්තර ගුරුකම්කරුවන්, පිළිම රූප වඳින්නන් හා සියලු බොරුකරුවන් යන අයට හිමි තැන, ඇවිළෙන ගෙන්දගමින් යුත් ගිනි විලයි. එය දෙවන මරණය යැ” යි පැවසූ සේක.
පිටත සිටින්නෝ බල්ලෝ ය. මන්තර ගුරුකම්කරුවෝ ය, ලිංගික අපචාරීහු ය, මිනීමරුවෝ ය, පිළිම රූප වඳින්නෝ ය, මිථ්‍යාවට ආලය වී, ඒ අනුව ක්‍රියා කරන්නෝ ය.
ඔවුහු තම මිනී මැරුම් ද තම මන්තර ගුරුකම් ද තම ලිංගික දුරාචාර ද තම සොරකම් ද ගැන පසුතැවිලි වූයේ නැත.