Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 15:20 - සිංහල කාලීන පරිවර්තනය

20 ඒ වෙනුවට, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලිංගික අනාචාරයෙන් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලෙයින් ද වැළකී සිටිය යුතු ය යන්න අපි ඔවුන්ට මෙසේ ලියා යැවිය යුතුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:20
47 හුවමාරු යොමු  

එනම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔබ වැළකී සිටිය යුතුයි; මේවායින් ඔබ දුරු වී සිටින්නේ නම්, ඔබ කරන්නේ හරි දේයි; “සෙත් වේවා!”


“එහෙත් තමා දිවැසිවරියකැයි ඇයම කියා ගන්නා, අර යෙසබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මඟින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මාගේ දාසයින් නොමග යවන්නී ය.


“එහෙත් ඔබට එරෙහිව කරුණු ස්වල්පයක් මට තිබේ. පිළිමවලට යාග කරන ලද පිදේනි කෑමටත්, ලිංගික අනාචාරයන්හි යෙදීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයින් ඉදිරියේ බාධකයක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඇතමෙක් ඔබ අතර වෙති.


අන්‍ය-ජාතික ඇදහිලිවතුන් සම්බන්ධයෙන් නම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔවුන් වැළකී සිටිය යුතු බවට අප කළ තීරණය, අප ඔවුන්ට ලියා යවා ඇතැ” යි කීහ.


ලිංගික අනාචාරයෙන් පැන දුවන්න. මිනිසා කරන අන් හැම පාපයක්ම කරනුයේ ශරීරයෙන් පිටස්තරව ය. එහෙත් ලිංගික අනාචාරකම් කරන්නා, තමන්ගේම ශරීරයට එරෙහිව පව් කරයි.


අධර්මිෂ්ඨයින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති වග, ඔබ දන්නේ නැති ද? නො රැවටෙන්න. ලිංගික අපචාරීන්, පිළිම වඳින්නන් හෝ පරදාර සේවනයේ යෙදෙන්නන්, සමලිංගික සේවනයේ යෙදෙන දෙගොල්ලම හෝ


මෙම පීඩාවලින් නො මැරී ඉතිරි වූ මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ අත්වල වැඩ ගැන පසුතැවිලි වූයේ නැත. ඔවුහු යක්ෂාත්මයන්ට ද කතා කරන්නට හෝ අසන්නට හෝ ඇවිදින්නට හෝ බැරි රනින්, රිදීයෙන්, ලෝකඩයෙන්, ගලින් හා ලීයෙන් තැනූ දේවතා පිළිමවලට ද නමස්කාර කිරීමෙහි නැවතුණේ ද නැත.


මන්ද අන්‍ය-ජාතීන් කැමැත්තෙන් තෝරා ගන්නා ඉන්ද්‍රියයන් පිනවීම, තෘෂ්ණාව, බේබදුකම, මධු-සාද, සුරාපාන උත්සව හා පිළිකුල් පිළිම රූප වන්දනාව යන දෑහි යෙදෙමින් ඔබත් ඇති තරම් කලක් ජීවත් වී ඇත.


විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත.


දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි.


එබැවින් ලිංගික අනාචාරය ද අපවිත්‍රකම ද කාම තෘෂ්ණා ද විකෘති ආශා ද රූප වැඳීම වන තණ්හාව ද යන ඔබේ භූමික වූ දෑ නසාලන්න.


ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය.


මාංසයේ ක්‍රියා පැහැදිලි ය. ඒවා නම්: ලිංගික අනාචාරය, අපවිත්‍රතාව හා ඉන්ද්‍රියයන් පිනවීම,


දැන්, පිළිම රූපවලට පිදූ ආහාර පිළිබඳව: “අප හැමට දැනුම ඇති” වග අපි දනිමු. මෙම “දැනුම” අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය, අභිවෘද්ධිය සලසයි.


එහෙත්, ලිංගික අනාචාරයේ පරීක්ෂාව හේතු කොට හැම මිනිසෙක්ම තමාට භාර්යාවක ඇතිව හා හැම ස්ත්‍රියකම තමාට ස්වාමි පුරුෂයකු ඇතිව සිටිය යුතු ය.


එහෙත් දැන් මා මේ ඔබට ලියන්නේ, ලිංගික අනාචාරයෙහි, තණ්හාවෙහි වරදකරුවකු වන කෙනකු හෝ පිළිම වඳින්නකු, අපහාසිකයකු, බේබද්දකු හෝ වංචනිකයකු වන සහෝදර නාමය දරන කිසිවකු සමඟ ඇසුරක් නො පවත්වන ලෙස හා එවැන්නකු සමඟ ආහාර ගැනීම නො කළ යුතු ය කියා ය.


එවිට, ස්වර්ගයේ සිට මා අමතනු මා අසා තිබූ කටහඬ යළිත් මා අමතමින්, “යන්න; මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටින දේව දූතයා අතේ දිග ඇර ඇති ඇකුළුම් පොත ගන්නැ” යි පැවසී ය.


ඔහුගේ අතේ දිග ඇරුණු කුඩා ඇකුළුම් පොතක් විය. තම දකුණු පය මුහුදේ ද තම වම් පය ගොඩබිම ද තබාගෙන සිටි ඔහු,


කිසිවකුත් ලිංගික අනාචාරයේ නො ගැලෙන ලෙසට හා එක කෑම වේලකට තම කුලුඳුල්කම විකුණූ ඒසව් මෙන් නො වන ලෙසට වගබලා ගන්න.


මා නැවත ආ කල, මගේ දෙවියන්වහන්සේ ඔබ ඉදිරියෙහි මා යටත් කරනු ඇත කියා ද ඉහතදී පවෙහි ගැලුණු බොහෝ අය තමන් පිනවා ගනිමින් කළා වූ අපවිත්‍රකම්, ලිංගික අනාචාර හා කාමුක සල්ලාලකම් ගැන පසුතැවිලි නො වීමෙන් ඒ අය ගැන මට වැලපෙන්නට වේ දෝයි කියා ද මම බය වෙමි.


“ආහාර, උදරය සඳහා ය; උදරය, ආහාර සඳහා ය.” එහෙත් දෙවියන්වහන්සේ ඒ දෙකම, ඒකත්-මේකත් විනාශ කරන සේක. ශරීරය ලිංගික අනාචාරය සඳහා නො ව, ස්වාමින්වහන්සේ සඳහා ය. ස්වාමින්වහන්සේ ද ශරීරය සඳහා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්