Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 6:13 - සිංහල කාලීන පරිවර්තනය

13 ඔබගේ අවයව දුෂ්ටකමට උපකරණ සේ යෙදවීමට, පාපයේ කැමැත්තට බාර නො දී, මරණයෙන් ජීවනයට පැමිණියකු සේ ඔබ දෙවියන්වහන්සේට බාර වී, ඔබේ අවයව ධර්මිෂ්ඨකමට උපකරණ සේ දෙවියන්වහන්සේට බාර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 6:13
39 හුවමාරු යොමු  

එබැවින් සහෝදරයිනි, දෙවියන්වහන්සේගේ දයාවන් හමුවේ මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබගේ ශරීර ශුද්ධවූත්, දෙවියන්වහන්සේට ප්‍රිය ප්‍රසන්නවූත් ජීවමාන යාගයක්ව දෙවියන්වහන්සේට පිළිගන්වන ලෙසයි. ඔබේ ආත්මික නමස්කාරය එයයි.


යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?


“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”


එබැවින් ලිංගික අනාචාරය ද අපවිත්‍රකම ද කාම තෘෂ්ණා ද විකෘති ආශා ද රූප වැඳීම වන තණ්හාව ද යන ඔබේ භූමික වූ දෑ නසාලන්න.


මාංසයෙහි අප ජීවත් වූ කාලයේ දහම් නීතියෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.


එවිට ඔහු මාංසයේ ජීවත් වන ඉතිරි කාලය මිනිස් තෘෂ්ණා සඳහා නො ව, දෙවියන්වහන්සේගේ කැමැත්ත උදෙසා ජීවත් වෙයි.


ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණවූ සේක. අපගේ හැම පාපයකටම උන්වහන්සේ අපට සමාව දුන්නේ,


මිලයක් ගෙවීමෙන්, ඔබ මිලයට ගනු ලැබ ඇත. එබැවින් ඔබගේ ශරීරය තුළ දෙවියන්වහන්සේ මහිමයට පමුණුවන්න.


අප, අපගේ පාප, පාපොච්චාරණ කරනවා නම්, අපගේ පාප කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසී ය; යුක්ති සහගත ය.


ඔබගේ සිරුරු ක්‍රිස්තුස්වහන්සේගේ අවයව බව දන්නේ නැති ද? එසේ නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයව ගෙන, වෙසඟනකගේ අවයව කරම් ද? කොහෙත්ම නැත.


අපගේ අපරාධ තුළ අප මැරී සිටියදී පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවනයට පැමිණවූ සේක. ඔබ ගලවනු ලැබ ඇත්තේ, අනුග්‍රහයෙනි.


මාගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මාගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණුවන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින්ම එඩිතරව සිටීම මාගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය.


අධර්මිෂ්ඨයින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති වග, ඔබ දන්නේ නැති ද? නො රැවටෙන්න. ලිංගික අපචාරීන්, පිළිම වඳින්නන් හෝ පරදාර සේවනයේ යෙදෙන්නන්, සමලිංගික සේවනයේ යෙදෙන දෙගොල්ලම හෝ


මානව නිදර්ශනවලින් මා ඔබට කතා කරන්නේ, ඔබගේ ස්වාභාවික දුර්වලතා නිසා ය. මන්ද කලක් ඔබ ඔබගේ අවයව අපවිත්‍රතාවේ වහල්කමටත්, වඩ වඩා නොපනත්කමට දිවෙන නොපනත්කමටත් වහලුන් සේ බාර දී තිබූ සේ, දැන් ඔබේ අවයව ශුද්ධවත් භාවයට දිවෙන ධර්මිෂ්ඨකමේ වහලුන් කොට බාර දෙන්න.


මන්ද අපගේ යුද්ධයේ ආයුධ මාංසික ඒවා නො වේ. එහෙත් බළකොටු බිඳ හෙළීමේ දිව්‍යම බලය ඒවායේ ඇත.


එලෙසම ඔබත්, පාපයට මැරී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න.


මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක්ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”


ඒ අප අපේක්ෂා කළ පරිදි නො වේ; ඔවුන් පළමු කොට ස්වාමින්වහන්සේටත්, ඉන් අනතුරුව දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟව අපටත් තුමූම භාර වූහ.


සියල්ලන් වෙනුවෙන් උන්වහන්සේ මැරුණේ, ජීවත්ව සිටින්නන් තවදුරටත් තමන්ම උදෙසා ජීවත් නො වී, ඔවුන් උදෙසා මැරී, නැගිටුවනු ලැබූ තැනැන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.


එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්‍රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්‍රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ.


එනමුත් ප්‍රීතිවීම අපට යුතුයි. මන්ද ඔබේ මේ සහෝදරයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා” යි කී සේක.


ඔබ අතරේ දබර හා සටන් කොයින් ද? ඒවා පැමිණෙන්නේ ඔබේම ඉඳුරන් තුළ සටන් වදින තෘෂ්ණා නිසා නො වේ ද?


සියලු ආකාර අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් හා ද්වේෂයෙන් පුරවනු ලැබ සිටින ඔවුහු, ඊර්ෂ්‍යාවෙන්, මිනීමැරීමෙන්, කලහයෙන්, වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී සිටිති. ඔවුහු ඕපාදූප පතුරන්නෝ ය;


“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචන අසා, මා එවූ තැනැන්වහන්සේ විශ්වාස කරන තැනැත්තාට සදාතන ජීවනය ඇත. ඔහු විනිශ්චයට පත් වන්නේ නැත; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටී.


මන්ද මාගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.


සත්‍යය විශ්වාස නො කොට අධර්මිෂ්ඨකම තුළ සතුටු වූ සියල්ලන් දඬුවමට පත් කරන පිණිසත් ය.


අප මෙසේ නිගමන කර ඇති බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප පාලනය කරයි. එනම්, සියල්ලන් වෙනුවෙන් එක් කෙනෙක් මැරුණේ යයි ද එබැවින් සියල්ලෝම මැරුණෝ යයි ද


සත්‍යතාවේ වචනය නිවැරදිව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්