එපීස 3:14 - සිංහල කාලීන පරිවර්තනය මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි. Sinhala New Revised Version මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ, Sinhala New Revised Version 2018 මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ, Sinhala Revised Old Version මේ නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද, |
එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත්ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර,
ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.
එහෙත් ඔවුන් සියලු දෙනා කාමරයෙන් පිට මං කළ පේතෘස්, දණින් හිඳ, යාච්ඤා කළේ ය. ඉන්පසු මළ තැනැත්තිය දෙසට හැරී, “තබීතා නැගිටිනු” යි කී ය. ඕ ඇස් ඇරියා ය. එකල පේතෘස් දුටු ඕ, නැගිට හිඳ ගත්තා ය.
දෙවියන්වහන්සේ ද අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන්වහන්සේ ද වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! උන්වහන්සේ, ස්වර්ග බලමණ්ඩලයන්හි සෑම ආත්මික ආශිර්වාදයකින්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ආශිර්වාද කළ සේක.
එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්, යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්,