Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:40 - සිංහල කාලීන පරිවර්තනය

40 එහෙත් ඔවුන් සියලු දෙනා කාමරයෙන් පිට මං කළ පේතෘස්, දණින් හිඳ, යාච්ඤා කළේ ය. ඉන්පසු මළ තැනැත්තිය දෙසට හැරී, “තබීතා නැගිටිනු” යි කී ය. ඕ ඇස් ඇරියා ය. එකල පේතෘස් දුටු ඕ, නැගිට හිඳ ගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, “තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, “තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:40
14 හුවමාරු යොමු  

පිරිස පිටතට යවනු ලැබූ පසු, උන්වහන්සේ නිවස තුළට ගොස්, දැරියගේ අතින් ඇල්ලූ සේක. එවිට ඕ නැගිට්ටා ය.


ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.


එහෙත් උන්වහන්සේ ඇගේ අත අල්ලා, “දියණිය නැගිටින්නැ!” යි පැවසූ සේක.


එසේ පැවසූ පාවුල් ඔවුන් සියලු දෙනා සමඟ දණින් හිඳ යාච්ඤා කළේ ය.


ගලක් වීසි කළ හැකි දුරක් ඔවුන් වෙතින් ඈත් වූ උන්වහන්සේ දණ ගසා යාච්ඤා කරමින්,


සමූහයා එක්ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක.


එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත්ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර,


එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගතව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගතව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.


ඔහුගේ පියා උණෙන් හා අතීසාරයෙන් පෙළෙමින් ඔත්පළව සිටියේ ය. පාවුල් ඔහු සිටි තැනට ගොස්, යාච්ඤා කර, ඔහු පිට අත් තබා, ඔහු සුව කළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්