Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 3:13 - සිංහල කාලීන පරිවර්තනය

13 එබැවින්, ඔබ උදෙසා මා විඳින දුක් ගැහැට ගැන අධෛර්යය නො වන ලෙස මම ඔබෙන් ඉල්ලමි, සැබවින් ම ඒවා ඔබගේ ගෞරවයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය‍ නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය‍ නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එහෙයින් නුඹලාගේ ගෞරවයට හේතුවූ, නුඹලා නිසා මා විඳින්නාවූ දුක් ගැන ක්ලාන්ත නොවෙන ලෙස ඉල්ලමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 3:13
14 හුවමාරු යොමු  

සහෝදරවරුනි, යහපත් දේ කිරීමෙහි කිසි විටෙක පසුබට නො වන්න.


ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මාගේ මාංසයෙන් සම්පූර්ණ කරමි.


අප පීඩා විඳිනවා නම්, ඒ ඔබගේ සැනසීම හා ගැලවීම සඳහා ය. අප සැනසීම ලබනවා නම්, ඒ අප විඳින පීඩා ඔබත් ඉවසීමෙන් විඳ දරා ගැනීමෙන්, ඔබ අත්විඳින ඔබගේ සැනසීම සඳහා ය.


මේ හේතුව නිසා, අන්‍ය-ජාතික වූ ඔබ උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වන පාවුල් නම් මම—


එබැවින් යහ වැඩ කිරීමෙහි වෙහෙසට පත් නො වී, බලාපොරොත්තු හැර නො දමා සිටින්නෙමු නම්, නිසි කල අප අස්වනු නෙළනු ඇත.


ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.


එබැවින් මේ සේවය අපට දෙවියන්වහන්සේගේ දයාවෙන් ලැබී ඇති නිසා, අප අධෛර්යය වන්නේ නැත.


එලෙසම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්