Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 3:15 - සිංහල කාලීන පරිවර්තනය

15 ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක්ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණනමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 3:15
13 හුවමාරු යොමු  

ඒ සැලැස්ම නිසි කල් පිරි කල ක්‍රියාකාරී වන සේ, ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ක්‍රිස්තුස්වහන්සේ යටතේ එක්සත් කිරීම ය.


මේ වත්මන් යුගයේ පමණක් නො ව, මතු එළඹෙන යුගයේත් සියලු රාජ්‍ය තන්ත්‍ර, බලධාරීන්, බලවේග හා ආධිපත්‍යයන් ද නම් කරන ලද ඕනෑම නාමයකට ද වඩා ක්‍රිස්තුස්වහන්සේ අතිශයින් උත්තරීතර කළ සේක.


ජයගන්නා, මාගේ දෙවියන්වහන්සේගේ මාලිගයේ කුලුනක් කරන්නෙමි. කිසි කලෙක ඔහු එතැන හැර යන්නේ නැත. මාගේ දෙවියන්වහන්සේගේ නාමය හා මාගේ දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ පුරවරයේ නාමය ද මගේම අලුත් නාමය ද මම ඔහු පිට ලියන්නෙමි.


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.


පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.


ඔහු සම්භව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින්ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.


මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි.


උන්වහන්සේ තම ආත්මයාණන් මඟින් ස්වකීය තේජසේ ඉසුරෙන් ඔබේ ඇතුළාන්ත පුද්ගලයා බලයෙන් සවිමත් කරන ලෙස මම යාච්ඤා කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්