එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද
එපීස 2:18 - සිංහල කාලීන පරිවර්තනය මන්ද එකම ආත්මයාණන් මඟින් පියාණන්වහන්සේ වෙත පිවිසීමේ වරම අප දෙගොල්ලටම ඇත්තේ උන්වහන්සේ තුළිනි. Sinhala New Revised Version එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය. Sinhala New Revised Version 2018 එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය. Sinhala Revised Old Version මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. |
එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද
යේසුස්වහන්සේ යළි ඔවුන් අමතමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ මෙයයි; බැටළුවන්ට දොරටුව මමයි.
දොරටුව මමයි. යමෙක් මා තුළින් ඇතුළු වේ නම්, ඔහුට ගැලවීම ලැබෙයි; ඔහු ඇතුළට එයි; පිටතටත් යයි; ඔහුට තණ බිම් හමු වෙයි.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.
දැන් අප සිටගෙන සිටින මෙම අනුග්‍රහයට අප ඇතුළුව සිටින්නේ, උන්වහන්සේ මඟින් ඇදහිල්ලෙනි; එබැවින් දෙවියන්වහන්සේගේ තේජසේ බලාපොරොත්තුව තුළ අපි ප්‍රමෝද වන්නෙමු.
මන්ද ඔබ ලබා ඇත්තේ, නැවත බයට වහල් වන ආත්මයක් නො වේ. ඔබ ලබා ඇත්තේ පුත්‍රයින් බවට පත් කරන ආත්මයාණන් ය; උන්වහන්සේ මඟින් අපි, “අබ්බා, පියාණෙනි!” කියා හඬ ගසන්නෙමු.
මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු.
අපට සිටින එකම දෙවියන්වහන්සේ, පියාණන්වහන්සේ ය. හැම දේම උන්වහන්සේගෙන් ය. අපගේ පැවැත්ම උන්වහන්සේ උදෙසා ය. එසේම, අපට සිටින එකම ස්වාමියාණෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. හැම දේම උන්වහන්සේ මඟින් ය; අප පවතින්නේ ද උන්වහන්සේ මඟින් ය.
ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක.
ක්‍රිස්තුස්වහන්සේ අදහා ගැනීම මඟින්, නිදහසේ, බිය සැක නැතිව ළඟා වීමට උන්වහන්සේ තුළ අපට පුළුවන.
ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එකම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එකම ශරීරය ය; එකම ආත්මයාණෝ ය;
තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරීව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරුව යාච්ඤා කරන්න.
ආලෝක රාජ්‍යයෙහි ශුද්ධවන්තයින්ගේ උරුමයේ පංගුකාරකමට ඔබත් සුදුස්සකු කළ පියාණන්වහන්සේට තුති පුදමින් ද ඔබට සිටිනු හැකි වන පිණිස ය.
(මන්ද දහම් නීතිය කිසිවක් පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත.) එහෙත් අනෙක් අතට, දෙවියන්වහන්සේ වෙතට අප ළං කරවන, වඩා හොඳ බලාපොරොත්තුවක් හඳුන්වා දී තිබේ.
එයින් අපේ ස්වාමින්වහන්සේ හා පියාණන්වහන්සේට ප්‍රශංසා කරන අපි, එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබූ මිනිසාට ශාප කරන්නෙමු.
අපක්ෂපාතීව, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නා වූ තැනැන්වහන්සේට පියාණෙනියි ඔබ අමතන්නේ නම්, ඔබගේ විදේශීව සිටින කාලය පුරා ගෞරව භයින් යුතුව පැවත සිටින්න.
උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.
මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,
එහෙත් ප්‍රේමණීයයනි ඔබ, ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල තුළ ඔබම වර්ධනය කරගන්න; ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ යාච්ඤා කරන්න.