3 යොහන් 1:4 - සිංහල කාලීන පරිවර්තනය මාගේ දරුවන් සත්‍යයෙහි පැවත සිටින වග ඇසීමට වඩා මහා ප්‍රීතියක් මට නැත. Sinhala New Revised Version මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත. Sinhala New Revised Version 2018 මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත. Sinhala Revised Old Version මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත. |
මෙසේ ඔවුන් ශුභාරංචියේ සත්‍යතාවට අනුව ක්‍රියා නො කරන බැව් දුටු මම, ඔවුන් සියල්ලන් ඉදිරිපිට කේපස්ට මෙසේ කීවෙමි. “යුදෙව්වකු වෙලත් ඔබ ජීවත් වන්නේ යුදෙව්වකු ලෙස නො ව, අන්‍ය-ජාතිකයකු ලෙසයි. එසේ නම් යුදෙව්වන් ලෙස ජීවත්වන්නැයි අන්‍ය-ජාතීන්ට ඔබ බල කරන්නේ කොහොම ද?”
මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි.
ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා!
මා ප්‍රේමණීය දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් හා ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා.
මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක.
පියාණන්වහන්සේ අපට අණ කළ පරිද්දෙන්, ඔබේ දරුවන් ඇතැම් දෙනකු සත්‍යතාවෙහි පවතිනු දැකීම මට මහත් ප්‍රීතියකි.