මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.
3 යොහන් 1:10 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් මා පැමිණියහොත්, අපට එරෙහිව ඔහු නගන නපුරු කතා එළි කරන්නෙමි. ඔහු එයින් ද නො සෑහී සහෝදරයින් පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරයි; එසේ පිළිගන්නට කැමති වූවන් ද වළකමින් ඔවුන් සභාවෙන් නෙරපා හරියි. Sinhala New Revised Version එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි. Sinhala New Revised Version 2018 එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි. Sinhala Revised Old Version ඉන්නිසා මම ආවොත් ඔහු අපට විරුද්ධව දුෂ්ට වචන දොඩමින් කරන ක්‍රියාවන් සිහිකරවන්නෙමි. ඔහු එයිනුත් තෘප්තියට නොපැමිණ සහෝදරයන් පිළි නොගෙන, පිළිගන්ට කැමතිවූවන් වලක්වා. සභාවෙන් ඔවුන් පහකරන්නේය. |
මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.
ඔහුගේ දෙමවුපියන් එසේ කීවේ, යුදෙව්වන්ට වූ බය නිසා ය. මන්ද යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි පවසන කවරකු වුවත්, සිනගෝගයෙන් නෙරපා දැමීමට ඒ වන විටත් යුදෙව්වන් එකඟව සිටි බැවිනි.
එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්,
කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි.
ඒ හැර ඔවුහු අලසව කල් මැරීමටත්, ගෙන් ගෙට යෑමටත් පුරුදුව, අලසයින් වෙනවා පමණක් නො ව, ඕපාදූප කාරියන් ද නො කිව යුතු දෑ පවසමින් අනුන්ගේ වැඩට ඇඟිලි ගසන්නියන් ද වෙති.
ඔබ වෙත එන කවුරුන් වුව ද, මෙම ඉගැන්වීම ගෙන එන්නේ නැතිනම්, ඔබේ ගෙදරට ඒ අය නො පිළිගන්න; ආචාර නො කරන්න.
ඔබට ලියන්නට මට බොහෝ දේ ඇතත්, කඩදාසියෙන් හා තීන්තෙන් දන්වනවාට වඩා, අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස, ඔබ වෙත පැමිණ, ඔබ හා මුහුණට මුහුණ ලා, කතා කරන්නට බලාපොරොත්තු වෙමි.
මන්ද ඔබගේ විශ්වාසවන්තකම හා සත්‍යයෙහි ඔබ පවතින අයුරු ගැන මෙහි පැමිණි සහෝදරයින්ගෙන් අසන්නට ලැබීම මට මහත් ප්‍රීතියකි.
ප්‍රේමණීයය, ඔබට මේ සහෝදරයින් අමුත්තන් වුව ද, ඔවුන් උදෙසා ඔබ කරන සියලු දෑ විශ්වාසනීය ය.