ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 තෙසලෝනික 1:11 - සිංහල කාලීන පරිවර්තනය

මෙය සිත්හි තබාගෙන, ඔබ උදෙසා දිගටම අප යාච්ඤා කරන්නේ, තමන්වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් බවට අපේ දෙවියන්වහන්සේ විසින් ගණන් ගනු ලබන පිණිසත්, ඔබගේ යහ-අරමුණු හැමකක් හා ඔබගේ ඇදහිල්ලෙන් පැන නගින හැම ක්‍රියාවක්, දෙවියන්වහන්සේ විසින් ස්වකීය බලයෙන් සම්පූර්ණ කරනු ලබන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් අපගේ දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් කරුණාව ලෙස නුඹලා තුළ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද උන්වහන්සේ තුළ නුඹලාද ගෞරවයට පැමිණෙන පිණිස,

පරිච්ඡේදය බලන්න



2 තෙසලෝනික 1:11
41 හුවමාරු යොමු  

පොළොවෙන්ම පල හට ගන්වයි. පළමුව දළු ද පසුව කරල් ද ඉන්පසුව කරල් පුරා බීජ ද හට ගන්වයි.


“කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි.


මා නොකඩව ඔබ සිහි කරන වගට මාගේ සාක්ෂිය, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශුභාරංචිය තුළ මාගේ ආත්මයෙන් මා සේවය කරන දෙවියන්වහන්සේ ය.


මන්ද දෙවියන්වහන්සේගේ දීමනා හා උන්වහන්සේගේ කැඳවීම අවලංගු කළ නො හැකි ය.


මා සහෝදරයිනි, ඔබ යහ ගුණයෙන් පිරී, දැනගැන්මෙන් සපිරි, එකිනෙකාට උපදෙස් දීමෙහි සමත්ව සිටින වග මම ඒත්තු ගෙන සිටිමි.


එසේ, උන්වහන්සේ පෙර-නියම කළවුන්, උන්වහන්සේ කැඳවූ සේක. උන්වහන්සේ කැඳවා ගත්තවුන්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ද පැමිණෙවු සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට පැමිණෙවුවන් උන්වහන්සේ තේජසට ද පත් කළ සේක.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොරව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වාම ඔබ දරා සිටිනු ඇත.


ඔබ උදෙසා නො නැවත ස්තුති දෙමින්, මාගේ යාච්ඤාවන්හිදී ඔබ සිහිකරන්නේ,


උන්වහන්සේ, තම අභිමතයේ කැමැත්ත පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් අප, ස්වකීය පුත්‍රයින් වගට දෛව නියමයක් කළ සේක.


තවද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේ අරමුණු කළ ස්වකීය අභිමතය පරිද්දෙන්, තම කැමැත්ත පිළිබඳ අබිරහස අපට දැනගන්නට සැලසූ සේක.


ඔබ තුළ යහපත් කාර්යයකට මුලපිරූ තැනැන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන වග ඒකාන්තයෙන් මම විශ්වාස කරගෙන සිටිමි.


මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි.


ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.


දෙවියන්වහන්සේගේ විනිශ්චය යුක්ති සහගත බවට මේ සියල්ල ඔප්පු සාධක වෙයි. මෙහි ප්‍රතිඵලය නම් ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක් ඉසිලීමෙන්, ඒ රාජ්‍යයට සුදුස්සන් සේ ගණන් ගනු ලැබීම ය.


අපගේ ශුභාරංචිය මඟින් දෙවියන්වහන්සේ ඊට ඔබ කැඳවූයේ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔබත් අත්කර ගන්නා පිණිස ය.


අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඇස ගසාගෙන, වීර්යයෙන්ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙලව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.


එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.


ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවාගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.


“එසේ වුවත්, තමන්ගේ ඇඳුම් කිලිටි කරගත්තේ නැති ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබට සිටිති. ඔවුන් සුදු ඇඳුම් හැඳ, මා සමඟ ගමන් කරනු ඇත. මන්ද ඔවුහු වටින්නෝ ය.


ඔබ ඔවුන් අපේ දෙවියන්වහන්සේට රාජ්‍යයක් හා පූජකයින් කර ඇත; ඔවුන් පොළොවේ රජකම් කරනු ඇත.”