Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තෙසලෝනික 1:5 - සිංහල කාලීන පරිවර්තනය

5 දෙවියන්වහන්සේගේ විනිශ්චය යුක්ති සහගත බවට මේ සියල්ල ඔප්පු සාධක වෙයි. මෙහි ප්‍රතිඵලය නම් ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක් ඉසිලීමෙන්, ඒ රාජ්‍යයට සුදුස්සන් සේ ගණන් ගනු ලැබීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් දුක් විඳින ඔබ, ඒ රාජ්‍යයට සුදුස්සන් වන බැවින්, ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයේ ආදර්ශයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් දුක් විඳින ඔබ, ඒ රාජ්‍යයට සුදුස්සන් වන බැවින්, ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයේ ආදර්ශයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඒ ඉවසීම වනාහි දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක්විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුස්සෝයයි ඒත්තුගනු ලැබීමට තිබෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තෙසලෝනික 1:5
28 හුවමාරු යොමු  

විරුද්ධවාදීන් හමුවේ හැම අයුරින්ම අභීතව සිටින බවත් දැන ගන්නෙමි. ඔබගේ අභීත භාවය ඒ විරුද්ධවාදීනට ඔවුන්ගේ විනාශයත්, ඔබගේ ගැලවීමත් පිළිබඳව දෙවියන්වහන්සේගෙන් වූ නිසැක ලකුණකි.


ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.


මන්ද උන්වහන්සේගේ විනිශ්චයන් සත්‍යය ය; සාධාරණ ය. මන්ද තම අපචාරවලින් පොළොව දූෂ්‍ය කළ මහා වේශ්‍යාවට, උන්වහන්සේ දඬුවම් කළ සේක. උන්වහන්සේ ස්වකීය සේවකයින්ගේ ලේ ගැන ඇයට විපාක දුන් සේක.”


එහෙත් එම යුගය අත්කර ගැනීමට හා මළවුන්ගෙන් නැවත නැගිටීමට සුදුස්සන් යැයි ගණන් ගනු ලබන්නන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත.


අපි ඉවසන්නෙමු නම්, උන්වහන්සේ සමඟ අප රජකම් ද කරනු ඇත. අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, අප ද ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත.


මෙය සිත්හි තබාගෙන, ඔබ උදෙසා දිගටම අප යාච්ඤා කරන්නේ, තමන්වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් බවට අපේ දෙවියන්වහන්සේ විසින් ගණන් ගනු ලබන පිණිසත්, ඔබගේ යහ-අරමුණු හැමකක් හා ඔබගේ ඇදහිල්ලෙන් පැන නගින හැම ක්‍රියාවක්, දෙවියන්වහන්සේ විසින් ස්වකීය බලයෙන් සම්පූර්ණ කරනු ලබන පිණිසත් ය.


දරුවෝ උරුමකරුවෝ ය; දෙවියන්වහන්සේගේ උරුමකරුවෝ ය; ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමකරුවෝ ය; එසේ වන්නේ, උන්වහන්සේ සමඟ තේජසට පමුණුවනු ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක් විඳීමට හවුල් වීමෙන් ය.


එවිට පූජාසනයෙන් මෙසේ කියනු මට ඇසිණ: “එසේය, සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ විනිශ්චයන් සත්‍ය ය, සාධාරණ ය.”


කවුරු ඔබට බය නො වෙත් ද? ඔබේ නමට මහිමය නො දේ ද? අහෝ ස්වාමින්වහන්ස, මන්ද ඔබවහන්සේ පමණක් ශුද්ධ ය; සියලු ජාතීන් පැමිණ, ඔබට නමස්කාර කරනු ඇත; මන්ද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා, එළිදරවු කරනු ලැබ ඇත.”


“එසේ වුවත්, තමන්ගේ ඇඳුම් කිලිටි කරගත්තේ නැති ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබට සිටිති. ඔවුන් සුදු ඇඳුම් හැඳ, මා සමඟ ගමන් කරනු ඇත. මන්ද ඔවුහු වටින්නෝ ය.


සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත්ව ඇත්තේ එහි සභා, යුදෙව්වන්ගෙන් විඳි හිරිහැරම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.


ආලෝක රාජ්‍යයෙහි ශුද්ධවන්තයින්ගේ උරුමයේ පංගුකාරකමට ඔබත් සුදුස්සකු කළ පියාණන්වහන්සේට තුති පුදමින් ද ඔබට සිටිනු හැකි වන පිණිස ය.


එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි.


එහෙත් ඔබේ තද මුරණ්ඩු, පසුතැවිලි නො වන හදවත නිසා ඔබ කරන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරවු කෙරෙන උදහසේ දවස සඳහා උදහස ගොඩගසා ගැනීමකි.


එවිට පාවුල් හා බාර්ණබස් එඩිතරව ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ වචනය පළමු කොට යුදෙව් ඔබට ප්‍රකාශ කිරීමට අපට යුතුව තිබුණා. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කරමින් සදාතන ජීවනය ලැබීමට ඔබ නො වටනේයැයි ඔබම නිශ්චය කළ නිසා, මෙන්න, අපි දැන් අන්‍ය-ජාතිකයින් වෙත හැරී සිටිනවා.


සිදුවන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්