Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 15:14 - සිංහල කාලීන පරිවර්තනය

14 මා සහෝදරයිනි, ඔබ යහ ගුණයෙන් පිරී, දැනගැන්මෙන් සපිරි, එකිනෙකාට උපදෙස් දීමෙහි සමත්ව සිටින වග මම ඒත්තු ගෙන සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සහෝදරයෙනි, ඔබ යහපත්කමින් පිරුණු, ප්‍රඥාසම්පන්න ව, එකිනෙකාට අවවාදානුශාසනා දීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සහෝදරයෙනි, ඔබ යහපත්කමින් පිරුණු, ප්‍රඥාසම්පන්න ව, එකිනෙකාට අවවාදානුශාසනා දීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මාගේ සහෝදරයෙනි, නුඹලාම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 15:14
25 හුවමාරු යොමු  

මේ දෑ ඔබ දනිතත්, දැනට ඔබ අත්කර ගෙන ඇති සත්‍යතාවෙහි ඔබ ස්ථාවරව පිහිටා සිටිතත් මෙසේ මම නිරතුරු මේ දෑ ඔබට සිහි කරමි.


මා ඔබට ලියන්නේ ඔබ සත්‍යය නො දන්නා නිසා නො වේ. ඔබ එය දන්නා නිසා ය. මන්ද සත්‍යයේ කිසි බොරුවක් නැත.


දැන්, පිළිම රූපවලට පිදූ ආහාර පිළිබඳව: “අප හැමට දැනුම ඇති” වග අපි දනිමු. මෙම “දැනුම” අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය, අභිවෘද්ධිය සලසයි.


එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කරගන්න.


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.


මන්ද දැනුම් ඇති ඔබ, යම් දේවාලයකදී කන අයුරු දකින කෙනෙක්, ඔහුගේ හෘදය සාක්ෂිය දුබල වුව ද දේවතා පිදේනියක් කෑමට එයින් ඔහුට අනුබල නො දේ ද?


කෙසේ වෙතත්, හැමටම මේ දැනුම නැත. ඇතමකු පිළිම සමඟ පෙර තිබූ සබඳතා නිසා, ආහාර ගන්නේ සැබවින් ඒවා දේවතා පිදේනියයි සලකා ය. ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය දූෂිත වේ.


සියලු කතාවෙහි ද සියලු දැනගැන්මෙහි ද හැම අතින්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සමෘද්ධිමත් කරනු ලැබ ඇත්තේ,


ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය.


සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරි ගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක්ම ඉල්ලන්නෙමු.


(ආලෝකයේ පලවලට හැම අයුරකම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.)


අප මෙසේ පවසනවා වුව ද ප්‍රේමණීයයනි, ඔබ සම්බන්ධව නම්, ගැලවීමට අදාළ වඩා හොඳ තත්වයට ඔබ අයිති වග, අපට සහතිකයි.


මේ වන විට ඔබ ගුරුවරුන්ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ.


ඔබගේ අව්‍යාජ ඇදහිල්ල මට සිහිගැන්වෙයි. පළමුව ඔබේ මිත්තණිය වූ ලොයිස් තුළ ද ඉන්පසු ඔබේ මෑණියන් වූ එවුනිකී තුළ ද විසූ ඒ ඇදහිල්ල, දැන් ඔබ තුළ ද වෙසෙන බැව් මට සහතික ය.


දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත.


මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය.


මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැතිනම් මම හිස් පුද්ගලයෙක්මි.


ආත්මයාණන් මඟින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද


එහෙත් ඇදහිල්ලේ ද කතාවේ ද අවබෝධයේ ද පූර්ණ උද්යෝගයේ හා අප වෙත ඇති ඔබගේ ප්‍රේමයේ ද යන සියල්ලෙහි ඔබ විශිෂ්ටව සිටින සේ, අනුග්‍රහයයේ මෙම සේවයේ ද විශිෂ්ට වන්නට වගබලා ගන්න.


මෙය සිත්හි තබාගෙන, ඔබ උදෙසා දිගටම අප යාච්ඤා කරන්නේ, තමන්වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් බවට අපේ දෙවියන්වහන්සේ විසින් ගණන් ගනු ලබන පිණිසත්, ඔබගේ යහ-අරමුණු හැමකක් හා ඔබගේ ඇදහිල්ලෙන් පැන නගින හැම ක්‍රියාවක්, දෙවියන්වහන්සේ විසින් ස්වකීය බලයෙන් සම්පූර්ණ කරනු ලබන පිණිසත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්