Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 5:10 - සිංහල කාලීන පරිවර්තනය

10 ඔබ ඔවුන් අපේ දෙවියන්වහන්සේට රාජ්‍යයක් හා පූජකයින් කර ඇත; ඔවුන් පොළොවේ රජකම් කරනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක; ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක; ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 5:10
9 හුවමාරු යොමු  

ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනයට ම තේජෝමහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්.


ඉන්පසු මම සිංහාසන දැක්කෙමි; විනිශ්චය සඳහා ආධිපත්‍යය පවරන ලද්දෝ ඒවායේ හිඳ සිටියහ. තවද යේසුස්වහන්සේ උදෙසා වූ සාක්ෂිය නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය නිසාත් හිස් ගසා දමනු ලැබූවන්ගේ ජීවාත්ම මම දුටිමි. ඔවුන් මෘගයාට හෝ උගේ පිළිරුවට හෝ නමස්කාර කර තිබුණේවත්, තමන්ගේ නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබා තිබුණේවත් නැත. ඔවුහු යළි ජීවනයට පැමිණ, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.


පළමු මරණින් නැගිටීමට පංගුකාරවූවෝ භාග්‍යවත් ය; ශුද්ධවත් ය! දෙවන මරණයට ඔවුන් කෙරේ කිසිදු බලයක් නැත. ඔවුන්, දෙවියන්වහන්සේගේ හා ක්‍රිස්තුස්වහන්සේගේ පූජකයින් වනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන් අවුරුදු දහසක් රජකම් කරනු ඇත.


රාත්‍රියක් තවත් එහි නො වන්නේ ය. ඔවුනට පහනක එළියක් හෝ සූර්යාලෝකය අවශ්‍ය නැත. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඔවුන්ගේ එළිය වන සේක. ඔවුන් සදහට, සදාතනිකව රජකම් කරනු ඇත.


“ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මාගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්