ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 තෙසලෝනික 2:8 - සිංහල කාලීන පරිවර්තනය

කොතරම් අප ඔබට ප්‍රේමණීයව ඇලුම් වූයේ ද යත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නො ව, අපේ ජීවිත ද ඔබ හා බෙදා ගැනීමට අපි සතුටුව සිටියෙමු. ඒතරමට ඔබ අපට ප්‍රිය වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ අපට කෙතරම් ප්‍රේමාන්විත වූවහු ද යත්, දෙවියන් වහන්සේගේ සුබ අස්න දීමට පමණක් නොව, අපගේ ම ජීවිත පවා ඔබට දීමට සතුටු ව සිටියෙමු. ඔබ අපට එතරම් ප්‍රිය මනාප වූවහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ අපට කෙතරම් ප්‍රේමාන්විත වූවහු ද යත්, දෙවියන් වහන්සේගේ සුබ අස්න දීමට පමණක් නොව, අපගේ ම ජීවිත පවා ඔබට දීමට සතුටු ව සිටියෙමු. ඔබ අපට එතරම් ප්‍රිය මනාප වූවහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.

පරිච්ඡේදය බලන්න



1 තෙසලෝනික 2:8
23 හුවමාරු යොමු  

සියයේ සේනාංකයක් භාර සෙන්පතියකුට තමා ප්‍රිය වූ දාසයෙක් රෝගීව, මරණාසන්නව සිටියේ ය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.


සහෝදරයිනි, ඔවුන් උදෙසා මා හදවතේ ආශාවත්, දෙවියන්වහන්සේට මාගේ යාච්ඤාවත් ඔවුන් ගලවනු ලැබීම ය.


මා ඔබ වෙත එන කල මා එන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ද රැගෙන බව මම දනිමි.


එබැවින් ඔබගේ ආත්ම උදෙසා දැඩි සොම්නසින් මම වැය වන්නෙමි; වැය කරනු ලබන්නෙමි. මා ඔබට වඩාත් ප්‍රේම කරන්නෙම් නම්, මා අඩුවෙන් ප්‍රේම කරනු ලබන්නෙම් ද?


එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.


මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සෙනෙහසින් යුතුව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේම සාක්ෂි වන සේක.


එහෙත්, ඔබගේ ඇදහිල්ලේ පූජාවත්, මෙහෙයයත් පිට මගේ ජීවය පාන පූජාවක් සේ වගුරුවනු ලබන්නේ වුව, මම සතුටු වෙමි; ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.


ඔබගේ සුබ සෙත ගැන ඔහු මෙන් අව්‍යාජ උනන්දුවක් දක්වන කෙනකු මට නැත.


එබැවින් මා ප්‍රේම කරන, මා දැඩි සේ ඇලුම් කරන සහෝදරයිනි, ප්‍රේමණීයයනි, මාගේ ප්‍රීතියත්, කිරීටයත් වන ඔබ, ස්වාමින්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.


එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.


ඔබ ශුභාරංචිය උගත්තේ අප ප්‍රේමණීය හවුල් දාසයකු වන එපප්‍රස්ගෙනි. ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසී සේවකයකු වේ.


ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණතව, මුළුමනින්ම නිසැකව ඔබ ස්ථිරව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වූ පාවුල් හා අප සහෝදර තිමෝති වෙතින්, අප සේවයේ හවුල්කාර අප ප්‍රේමණීය පිලෙමොන් ද


ඔබේ නායකයින්ට අවනතව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත.


අප ප්‍රේමය හැඳින ගන්නේ මෙයිනි; එනම්, උන්වහන්සේ අප උදෙසා සිය ජීවිතය දීම මඟිනි. අප ද අප සහෝදරයින් උදෙසා ජීවිතය දිය යුතුව ඇත.