Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:2 - සිංහල කාලීන පරිවර්තනය

2 සියයේ සේනාංකයක් භාර සෙන්පතියකුට තමා ප්‍රිය වූ දාසයෙක් රෝගීව, මරණාසන්නව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එක්තරා සියයකට මුලාදෑනියෙකුගේ ප්‍රියවූ දාසයෙක් රෝගීව මරණාසන්නව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:2
24 හුවමාරු යොමු  

දාසයිනි, සියල්ලේදී ඔබේ භූමික හාම්පුතුනට කීකරු වන්න. ඔවුන් ඔබ දෙස ඇස ගසා සිටියදී පමණක් ඔවුන්ගේ සිත් දිනාගනු පිණිස නො ව, අවංක හදවතින් ද ස්වාමින්වහන්සේට ගෞරව භය දැක්වීමක් වශයෙන් ද එසේ කරන්න.


සිදු වූ දේ දුටු සියයේ සේනාධිපතියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “නිසැකයෙන්ම මේ මිනිසා නිදොස් කෙනෙකැ” යි පැවසී ය.


මන්ද දොළොස් හැවිරිදි පමණ වූ ඔහුගේ එකම දියණිය මරණාසන්නව සිටියා ය. උන්වහන්සේ එහි යන අතර ජන සමූහයා උන්වහන්සේ වටා තෙරපුණහ.


යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන්ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ම වී යැ!” යි පැවසූහ.


එහෙත් පාවුල් ආරක්ෂා කිරීමට ඕනෑ වූ සියයේ හේවාපන්න නිලධාරියා ඔවුන්ගේ සැලසුම වැළැක්විය. පිහිනීමට හැකි අය පළමු කොට නැවෙන් පැන ගොඩට යන ලෙස ඔහු අණ කළේ ය.


පසු දින අපි සීදොන්ට ගොඩ බැස්සෙමු. ජුලියස්, පාවුල්ට කාරුණික වී, ඔහුගේ මිතුරන් හමුවට යෑමටත්, ඔවුන් වෙතින් ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමටත් ඉඩ දුන්නේ ය.


අප ඉතාලිය බලා යාත්‍රා කළ යුතු යයි තීරණය වූ කල, පාවුල් හා තවත් සිරකරුවන් ඇතැම් දෙනකු අධිරාජ බලඇණියේ සියයේ සෙන්පතියකු වූ ජුලියස් භාරයට පත් කෙරිණි.


එවිට සියයක හේවාපන්න නිලධාරියකු ඇමතූ පාවුල්, “මේ තරුණයා සෙන්පති වෙත ගෙන යන්න. ඔහුට දැන්විය යුතු කරුණක් මොහු වෙත ඇතැ” යි කීවේ ය.


ඒ ඇසූ එම නිලධාරියා සෙන්පති වෙත ගොස්, ඒ වග දැනුම් දෙමින්, “මොකක් ද ඔබ මේ කරන්නට යන්නේ? ඒ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ” යි කීවේ ය.


තමන්ට කතා කළ දේව දූතයා පිටත්ව ගිය පසු, තම සේවකයින් දෙදෙනකු ද තම උපස්ථායකු වූ භක්තිවන්ත භටයකු ද කැඳවූ කොර්නේලියස්,


ඉතාලි රෙජිමේන්තුව නම් ලත් හමුදා ඒකකයේ සියයේ සේනාංකයක සෙන්පති වූ කොර්නේලියස් නැමැත්තෙක් කායිසාරියේ විසී ය.


ජනයා අසා සිටියදී ඒ සියලු කියුම් කියා නිම වූ පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ සේක.


යේසුස්වහන්සේ ගැන ඇසූ එම සියයේ සෙන්පතියා, පැමිණ තම දාසයා සුව කර දෙන්නැයි ඉල්ලන්නට යුදෙව් වැඩිහිටියන් කීප දෙනකු උන්වහන්සේ වෙත යැවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්