ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.
1 කොරින්ති 11:20 - සිංහල කාලීන පරිවර්තනය ඔබ එක්රැස් වන කල, ඔබ වළඳන්නේ ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නො වේ. Sinhala New Revised Version ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට, සමිඳාණන් වහන්සේගේ රාත්‍රි භෝජනය වැළඳීමක් සිදු නොවේ. Sinhala New Revised Version 2018 ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට, සමිඳාණන් වහන්සේගේ රාත්‍රි භෝජනය වැළඳීමක් සිදු නොවේ. Sinhala Revised Old Version ඉතින් නුඹලා එකට රැස්වන කල්හි ස්වාමීන්වහන්සේගේ රාත්‍රි භෝජනය කෑමක් නම් නැත. |
ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.
ඔවුහු දිනපතා එක්සිත්ව දේව මාලිගයේ එක්රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රමෝදයෙන් හා අවංක සිතින් එක්ව අහර ගත්තේ,
පහත දැක්වෙන උපදෙස් සම්බන්ධව මා ඔබ පසසන්නේ නැත. මන්ද ඔබ එකට රැස්වන කල, එහිදී යහපතකට වඩා අයහපතක් සිදුවන බැවිනි.
මන්ද අහර ගැනීමේදී හැම කෙනෙක්ම, අන් අයට කලින් තමාගේ ආහාර කෑමට ඉක්මන් වෙයි. කෙනකු සාගින්නේ සිටියදී අන් කෙනෙක් බීමත් වෙයි.
ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළංව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.
තමන් විසින් කරන ලද පීඩාවේ කුලිය වශයෙන් ඔවුන් පීඩා විඳිනු ඇත. මහ දවල් මධු-සාද පැවැත්වීම ඔවුන්ගේ ප්‍රීතියේ අරමුණයි. ඔවුන් ඔබ සමඟ සංග්‍රහ විඳින කල, තමන්ගේ තෘෂ්ණා රැවටිලිකාරීව ප්‍රදර්ශන කරන කල, එහි පලුදු හා කැළැල් ද ඔවුන්ම ය.
මොවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවල ලප කැළැල් ය; බය නැතිව ඔබ සමඟ අහර බුදින මොවුහු තමන් පමණක් පෝෂ්‍ය කරගන්නා එඬේරු ය. සුළඟට ගසාගෙන යන ජලය නැති වලාකුළු ය; දෙවරක් මැරුණු, මුලිනුදුරා දමනු ලැබූ, පල වාරයේ පල නො දැරූ ගස් ය.