Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 10:25 - සිංහල කාලීන පරිවර්තනය

25 ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළංව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඇතැම් අය කරන ලෙස අපේ ම රැස්වීම්වලින් ඈත් ව නොසිට, සමිඳාණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඇතැම් අය කරන ලෙස අපේ ම රැස්වීම්වලින් ඈත් ව නොසිට, සමිඳාණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 10:25
32 හුවමාරු යොමු  

ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.


මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මාගේ නාමයෙන් එක්රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.


එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කරගන්න.


ඔබ කිසිවකු පාප මායාවෙන් දැඩි නො වන පිණිස, දවස්පතා “අද ය” කියන තාක්, එකිනෙකා ධෛර්යවත් කරන්න.


තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු;


යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වන කල, මා ද මාගේ ආත්මයෙන් ඔබ සමඟ සිටියදී, යේසුස් අප ස්වාමින්වහන්සේගේ බලයෙන් යුතුව


එබැවින් මෙවදන්වලින් එකිනෙකා දිරි ගන්වන්න.


පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක එක්ව සිටියහ.


සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක්රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගටම කතා කළේ ය.


එහෙත් දිවැස් වැකි පවසන්නා අන්‍යයන්ගේ අභිවෘද්ධියට, ධෛර්යවත් කිරීමට හා සැනසීමට මිනිසුනට කතා කරයි.


එය, දිරිගැන්වීම නම්, දිරිගන්වත්වා. ආධාර දෙන්නා, ත්‍යාගශීලීව දෙත්වා. නායකත්වය දෙන්නා උද්යෝගිමත්ව ඒ කටයුතු කරත්වා. දයාව දක්වන්නා සතුටු සිතින් එසේ කරත්වා.


ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාටම පෙනේවා! ස්වාමින්වහන්සේ ළංව සිටින සේක;


පමාවකැයි ඇතමකු වටහා ගෙන ඇති නමුදු, ස්වාමින්වහන්සේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කිරීමට පමා නො වන සේක. කිසිවකුත් විනාශ නො වී, හැම කෙනෙක්ම පසුතැවිලි වීම අපේක්ෂා කරමින්, උන්වහන්සේ ඔබ ගැන ඉවසා බලා සිටින සේක.


ඔබත් එසේ ඉවසීමෙන් සිටින්න. ඔබගේ සිත් ස්ථිර කරගන්න. මන්ද ස්වාමින්වහන්සේගේ පැමිණීම අත ළඟ ය.


සභාවේ හැම එක් රැස්ව, හැම කෙනකුම අන්‍ය භාෂා පවසමින් සිටියදී, මේ ගැන දැනුම නො ලත් හෝ නො ඇදහිලිවතුන් එතැනට පැමිණියහොත්, ඔබ හැමගේ සිහි විකල් වෙලායි ඔවුන් නො කියා ද?


බෙදුම් ඇති කරන්නේ ජම්මික මනසින් යුතු වූ, ආත්මයාණන්ගෙන් තොර වූ මොවුහුම ය.


ඒ සඳහා ඔබ මඟ බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිතව, දෝෂ රහිතව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක්ම දරන්න.


සියල්ලේ අවසානය ළංව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න.


මේ මුළු විශ්වයම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත්ව, දේව-භක්තිකව ජීවත් විය යුතු වන්නේ,


ඔබ එක්රැස් වන කල, ඔබ වළඳන්නේ ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නො වේ.


එකිනෙකාගේ කාරිය, එයින් විද්‍යාමාන වෙයි. මන්ද ඒ දවසේ එය අනාවරණ කරන බැවිනි. එය එළිදරවු කරනු ලබන්නේ ගින්නෙනි. කෙනකු කර ඇති කාරිය, ඒ ගින්නෙන් පරීක්ෂා කරනු ලැබේ.


වරක්, යාච්ඤා පැවැත්වෙන තැනට අප යද්දී එක් වහල් කෙල්ලක් අපට මුණ ගැසිණි. පේන කීමේ ආත්මයක් වැහී සිටි ඈ ශාස්ත්‍ර කීමෙන් ඇගේ හාම්පුතුනට මුදල් සම්භාරයක්ම උපයා දුන්නා ය.


සැබවින් ම මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නගරයට වඩා, සොදොම් හා ගොමොරා දේශයට දැරිය හැකි වන බවයි.


මා ප්‍රතික්ෂේප කරන, මගේ වචන නො පිළිගන්න අයට විනිශ්චයකරුවෙක් සිටියි. මා පවසන මේ වචන ම අන්තිම දවසේ ඔවුන් විනිශ්චය කරනු ඇත.


මන්ද, “එන්නට සිටින තැනැත්තාණන්, තව ස්වල්ප කලකින් එනු ඇත; උන්වහන්සේ පමා වන්නේ නැත.”


සහෝදරයිනි, මාගේ මෙම අවවාදාත්මක වචන ඉවසීමෙන් පිළිගන්න මෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි. මා ඔබට ලීවේ කෙටියෙනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්