Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:42 - සිංහල කාලීන පරිවර්තනය

42 ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ඔව්හු අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද පූප කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:42
35 හුවමාරු යොමු  

ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළංව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.


මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස්ව, එක්සිත්ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.


අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.


එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි.


ඔවුහු දිනපතා එක්සිත්ව දේව මාලිගයේ එක්රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රමෝදයෙන් හා අවංක සිතින් එක්ව අහර ගත්තේ,


සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක්රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගටම කතා කළේ ය.


තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරීව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරුව යාච්ඤා කරන්න.


එහෙත් ප්‍රේමණීයයනි ඔබ, ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල තුළ ඔබම වර්ධනය කරගන්න; ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ යාච්ඤා කරන්න.


ස්තුතිවන්තකමින් යුතුව සිහි බුද්ධියෙන් දිගටම යාච්ඤාවේ නිරත වන්න.


එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.


එහෙත් ඔබ, ඔබ උගත් දෑ හා ඔබ අචලව විශ්වාස කළ දෑ දිගටම පවත්වන්න. ඔබ ඒවා උගත්තේ කවුරුන්ගෙන් ද යන්නත්,


ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය.


ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.


අපි යාච්ඤාවටත්, වචනයේ මෙහෙයටත් කැප වන්නෙමු” යි කීහ.


එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස්ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීතව කතා කළෝ ය.


ස්වාමින්වහන්සේගේ කුසලානෙන් හා යක්ෂාත්මයන්ගේ කුසලානෙන් බීමට ඔබට නුපුළුවන. ස්වාමින්වහන්සේගේ මේසයෙත්, යක්ෂාත්මයන්ගේ මේසයෙත් පංගුකාර වීමට ඔබට නුපුළුවන.


බලාපොරොත්තුවෙහි ප්‍රීතිවන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න.


එහෙත් අප අයිති, හැකිළී පසුබට වී, විනාශ වන්නන්ට නො ව, අදහා ගැලවීම ලබන්නන්ට ය.


එහි පැමිණි බාර්ණබස්, ඔවුන් වෙත වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක ප්‍රමෝදවත්ව, ඔවුන් ධෛර්යවත් කරමින්, තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේට විශ්වාසවන්තව පැවත සිටින ලෙස අවවාද කළේ ය.


ඔබ හැම දේකදීම මා සිහි කරන නිසාත්, මා ඔබට ඉගැන්වූ සම්ප්‍රදායයන්, මා ඔබට භාර කළ ලෙසම පවත්වන නිසාත් මම ඔබ පසසමි.


ඉන්පසු නැවතත් උඩු මහලට ගිය ඔහු රොටි කඩා අනුභව කළේ ය. පාවුල් පිටත්ව ගියේ, පසු දිනට පහන් වන තෙක්ම ඔවුන් හා කතා කළ පසුව ය.


ඔවුන් අප වෙතින් පිටත්ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගටම අප සමඟ සිටිය යුතුව තිබිණි, එහෙත් ඔවුන් පිටත්ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.


ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය තුළ ඔබ කැඳවාගත් තැනැන්වහන්සේ මෙතරම් ඉක්මනින් අත්හැර, ඔබ අමුතු ශුභාරංචියක් වෙත හැරී යෑම මට මහ පුදුමයක්.


නිදහස් කරනු ලැබ, තම සගයින් වෙත ආපසු ආ ඔවුහු, නායක පූජකයින් හා වැඩිහිටියන් තමන්ට කී සියල්ල ඔවුන්ට දැන්වූහ.


එවිට ඔවුහු දෙදෙනා ද තමන් ගමන් කරද්දී සිදු වූ දෑ ද රොටි කඩද්දී තමන් උන්වහන්සේ හැඳිනගත් අයුරු ද පැවසූහ.


පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක.


සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණ, යම් එළිදරවුවක් හෝ දැනගැන්මක් හෝ දිවැස් වැකි හෝ ඉගැන්වීමක් හෝ නො කර, අන්‍ය භාෂා කතා කළහොත්, මා ඔබට කවර සෙතක් සලසා ද?


පළමු දවසේ පටන් අද දක්වා ශුභාරංචියට ඇති ඔබේ සහභාගිත්වය ඊට හේතුවයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්