හොෂෙයා 9:14 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, ඔවුන්ට [ප්‍රතිඵල] දුන මැනව. ඔබ කුමක් දෙනසේක්ද? ගබ්සාවන ගර්භයක්ද කිරි නැති තනද ඔවුන්ට දුන මැනව. Sinhala New Revised Version ‘සමිඳුනි, මේ සෙනඟට දෙනු මැනව’ කියා, මම ඔබෙන් කුමක් ඉල්ලම් ද? දරුපල නොදෙන ගර්භ ද කිරි නොඑරෙන තන ද ඔවුන්ට දුන මැනව. Sinhala New Revised Version 2018 ‘සමිඳුනි, මේ සෙනඟට දෙනු මැනව’ කියා, මම ඔබෙන් කුමක් ඉල්ලම් ද? දරුපල නොදෙන ගර්භ ද කිරි නොඑරෙන තන ද ඔවුන්ට දුන මැනව. |
නුඹේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.
ඉපදීමක්වත් ගැබ්ගැනීමක්වත් පිළිසිඳීමක්වත් නොවන හැටියට එප්‍රායිම්ගේ තේජස කුරුල්ලෙකු මෙන් ඉගිලීයන්නේය.
මා දුටු ලෙස තීර්මෙන් එප්‍රායිම් ප්‍රසන්න තැනක පිහිටා තිබේ. එහෙත් එප්‍රායිම් තමාගේ දරුවන් මිනීමරන්නා ළඟට පිටතට ගෙනෙන්නේය.
එප්‍රායිම් පහර ලැබ සිටින්නේය, ඔවුන්ගේ මුල වියළී ගියේය, ඔව්හු ඵල නොදරන්නෝය. එසේය, ඔවුන් වැදුවත් මම ඔවුන්ගේ ගර්භයේ ප්‍රිය ඵල නසන්නෙමි.
ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.
මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය.
මේ කාලයේ තිබෙන විපත්තිය නිසා මේක යහපතැයි සිතමි, එනම්, මනුෂ්‍යයෙකුට ඔහු සිටින ලෙසම සිටීම හොඳය.
නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ශාප පැමිණෙන්නේය.