Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:17 - Sinhala Revised Old Version

17 නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 අහෝ, ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මවුවරුන්ට ද ඇති වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 අහෝ, ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මවුවරුන්ට ද ඇති වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:17
12 හුවමාරු යොමු  

මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය.


දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.


ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.


සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්ගේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත.


ස්වාමීන්වහන්ස, ඔවුන්ට [ප්‍රතිඵල] දුන මැනව. ඔබ කුමක් දෙනසේක්ද? ගබ්සාවන ගර්භයක්ද කිරි නැති තනද ඔවුන්ට දුන මැනව.


මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක.


කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා.


ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්