එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත.
හෙබ්‍රෙව් 8:7 - Sinhala Revised Old Version මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම්, දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත. Sinhala New Revised Version පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඒ පළමු ගිවිසුම දෝෂ රහිත වී නම්, දෙවැන්නක් ගැන බැලීමේ අවැසිතාවක් ඇති නො වේ. Sinhala New Revised Version 2018 පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. |
එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත.
ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?
මෙසේ ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවක් සම්පූර්ණ නොවූ බැවින්, පළමු තිබුණු ආඥාවේ දුර්වලකම හා නිෂ්ප්‍රයෝජනකම නිසා ඒක අවලංගුකිරීමද,
නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.