හෙබ්‍රෙව් 4:8 - Sinhala Revised Old Version මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථාකරන්නේ නැත. Sinhala New Revised Version මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත. සිංහල කාලීන පරිවර්තනය මන්ද යෝෂුවා ඔවුන්ට සැබෑ විශ්‍රාමය සලසා දුන්නා නම්, විශ්‍රාමය පිළිබඳ තවත් දවසක් ගැන දෙවියන්වහන්සේ ඉන්පසු කතා නො කරන්නට තිබිණි. Sinhala New Revised Version 2018 මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත. |
ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.
අපේ පියවරු ඒක භාරගෙන, දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ දේශය අයිතිකරගන්න විට යෝෂුවා සමඟ ඇතුළට ගෙනැත්, දාවිත්ගේ දවස් දක්වා තබාගත්තෝය.
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් නුඹලා තවම පැමුණුණේ නැත.
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට නුඹට දෙන දේශයේදී වටකර සිටින නුඹේ සියලු සතුරන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.
දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,
නුඹලාගෙන් බලසම්පන්න පුරුෂයෝව සිටින සියල්ලෝ සන්නද්ධව නුඹලාගේ සහෝදරයන්ට පෙරටුව ගොස් ඔවුන්ට උපකාරකරන්න. ඉන්පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර දිශාවෙහි නුඹලාට දුන් නුඹලාගේ උරුම කොටසවූ දේශයට හැරී ඇවිත් ඒක භුක්තිවිඳින්නැයි කීවේය.
මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී සියල්ල ලෙස යෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර බෙදීම්වල හැටියට ඒක ඔවුන්ට උරුමයක් කොට දුන්නේය. එවිට යුද්ධය නැවතී දේශය නිශ්චලවිය.
දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,